December, 23, 2024
OMED Pharmaceuticals (පුද්.) සමාගම, ලොව චර්ම සත්කාර නිෂ්පාදන සම්බන්ධ ප්රමුඛයෙකු වන mesoestetic සමග එක් වී මෙරට චර්ම වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2024 නොවැම්බර් 23 වන දින Elevate by Jetwing හිදී පැවැත්වුණු මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ mesoestetic නිෂ්පාදන සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් දැනුවත් කිරීම ය. OMED Pharmaceuticals (පුද්.) සමාගම මේ වනවිට ලොව ඉහළ පෙළේ චර්ම සත්කාර සහ රූප අලංකරණ සන්නාම රැසක් සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයන් සහ බෙදාහරින්නන් ලෙස කටයුතු කරයි.
මෙම වැඩසටහනේදී mesoestetic විසින් තම දේශීය හවුල්කාර සමාගම වන OMED Pharmaceuticals හරහා ඉහළම ප්‍රමිතියෙන් යුත්, චර්ම විද්‍යාත්මකව තහවුරු කළ නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට පියවර ගෙන ඇති ආකාරය විස්තර කරන ලදි. පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන කටයුතු සඳහා සිය වැය ප්‍රතිපාදනවලින් 44% ක් වෙන්කර ඇති mesoestetic සමාගම හා රෝහල්, විශ්ව විද්‍යාල මෙන්ම ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමග එක්ව කටයුතු කරමින් පර්යේෂණ ඔස්සේ නව නිෂ්පාදන හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. මේ වනවිට නිල බෙදාහැරීම් නියෝජිතයන් 94 දෙනෙකු හරහා ලොව රටවල් 109 ක් වෙත තම නිෂ්පාදන හඳුන්වා දීමට mesoestetic සමත් වී ඇත.
සම මත අඳුරු ලප ඇති වීම, හිරු කිරණ නිසා ඇතිවන හානි සහ කුරුලෑ වැනි, ශ්‍රී ලාංකිකයන් බහුලව මුහුණ දෙන ගැටලු සඳහා සාර්ථක ප්‍රතිකර්ම ක්‍රම හඳුන්වා දීම mesoestetic හි ඉලක්කය වී ඇත. OMED Pharmaceuticals සතු පළපුරුද්ද සහ කාර්යක්ෂම බෙදාහැරීම් ජාලය භාවිතයෙන්, සිය විද්‍යුත් වාණිජ සේවාවන් සහ බෙදාහැරීම් හැකියාවන් ශක්තිමත් කරගනිමින්, රට පුරා පාරිභෝගිකයන්ට තම නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට mesoestetic පියවර ගෙන තිබේ.
2019 වසරේදී ෂර්වින් මාරියෝ ලින්ඩ්සේ විසින් ආරම්භ කරන ලද OMED Pharmaceuticals සමාගම ශ්‍රී ලංකාවේ චර්ම විද්‍යාත්මක සහ චර්ම අලංකරණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛතම සමාගමකි. ශ්‍රී ලංකාවේ නූතන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් සපුරාලන උසස්, විද්‍යාත්මක චර්ම සත්කාර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම එම සමාගමේ අරමුණයි.
“මේ වන විට අප mesoestetic හි උසස් චර්ම සත්කාර නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළඳපොළ වෙත රැගෙන ඒම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. ඒ සඳහා අප දිවයින පුරා චර්ම රෝග වෛද්‍යවරුන්, රූපලාවණ්‍ය සායන සහ ඖෂධ අලෙවිසැල් සමග අත්වැල් බැඳගැනීමට පියවර ගත්තා. මෙම හවුල්කාරීත්වයේ එක් ප්‍රධානතම අරමුණක් වන්නේ, අධ්‍යාපනික වැඩමුළු හා පුහුණු වැඩසටහන් ඔස්සේ චර්ම සත්කාර වෘත්තිකයන් සවිබල ගන්වන අතරම, විද්‍යාත්මක චර්ම සත්කාර සහ සායනිකව තහවුරු කළ නිෂ්පාදනවලින් ලැබෙන වාසි සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමයි.” OMED Pharmaceuticals හි අධ්යක්ෂ ශර්වින් මාරියෝ ලින්ඩ්සේ මහතා පැවසී ය.
OMED Pharmaceuticals සමාගම මේ වනවිට සම මත අඳුරු ලප ඇතිවීම, කුරුලෑ සහ වියපත් වීම නිසා සමට ඇතිවන ගැටලු දුරුකිරීමේ නිෂ්පාදන මෙන්ම රූපලාවණ්‍ය ප්‍රතිකර්මවලින් අනතුරුව භාවිතා කළ හැකි නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමවලින් පැමිණෙන නිෂ්පාදන බෙදාහැරීමට අමතරව එම සමාගම වැඩමුළු සහ පුහුණු වැඩසටහන් ආදිය හරහා චර්ම රෝග වෛද්‍යවරන්, රූපලාවණ්‍ය සේවා වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීමටද කටයුතු කරයි.
නවෝත්පාදනය හා තිරසාරත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන එම සමාගම, තමන් බෙදාහරින නිෂ්පාදන සියල්ල ආරක්ෂාව හා උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායකවලට අනුකූල බව තහවුරු කරගැනීමට සඳහා සෑම විටම පියවර ගනී. ශර්වින් මාරියෝ ලින්ඩ්සේ මහතාගේ නායකත්වය යටතේ චර්ම හා රූපලාවණ්‍ය සත්කාර ක්ෂේත්රය ජයගනිමින්, සියලුම දෙනාට උසස්ම තත්වයේ චර්ම සත්කාර නිෂ්පාදන ලබාගැනීම අවස්ථාව සලසා දීමට සමාගමේ අරමුණ වී තිබේ.
Video Story