December, 23, 2024
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ -0.7% සිට 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.
එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% ක් දක්වා පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
