December, 24, 2024
2025.04.01 දින සිට 2025.08.31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 06 ක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.