කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක වන අතර, ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළුව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000-10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර, නිදහස් කරනු ලබයි. රේගු නිලධාරින් විසින් පිටකිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික වශයෙන් පරිලෝකන පරීක්ෂාවට (Scan) ලක් කරනු ලබයි.
පසුගිය කාලයේ නිෂ්කාශන ක්‍රියාවලිය තුළදී විවිධ ගැටලු මතුවීම හේතුවෙන් රේගු නිලධාරින් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර, වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණයේ යම් වැඩිවීමක් ද නිරීක්ෂණය කර තිබේ.
බහාලුම් නිදහස් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම වෙනුවෙන් යෝග්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.