විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නව LKR බැඳුම්කර අටක් නිකුත් කරයි

    December, 24, 2024

    2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය ("ආරාධනා සංදේශය") මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරිමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. (මෙහි භාවිතා කර ඇති යෙදුම් වෙනත් ආකාරයකින් නිර්වචනය කර නොමැති අවස්ථා වලදී ආරාධනා පත්‍රයේ එවැනි නියමයන් සඳහා අර්ථ දක්වා ඇති පරිදි වේ).