December, 24, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.25 ක් හා විකුණුම් මිල රු. 300.98 ක් ලෙසින් සටහන්ව ඇත.
ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ඔක්තෝබර් 03 දිනට පසු පළමු වරට අද දිනයේ දී වීම විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය රු. 295.61 ක් ලෙසින් වාර්තා වී ඇත.
