December, 24, 2024
2024 පළමු දින 22 ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 161,383 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් ප්‍රකාශයට පත්කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,966,256 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටී.
දෙසැම්බර් මාසය තුළ සංචාරක පැමිණීමෙහි ක්‍රමක වේගවත් වීමක් නිරික්ෂණය කළ හැකි අතර දෙසැම්බර් 20, 21 සහ 22 යන දිනයන් හි දෛනිකව දහදහස ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව අදාළ සංඛ්‍යාලේඛන වැඩිදුරටත් පෙන්වා දේ.
මේ අතර සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ විසිලක්ෂය වැනි සංචාරකයා බොහෝ දුරට දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.



