December, 24, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 20 වෙනි ගනුදෙනු දිනයටත් අද (24) දින ඉහළ යන ලදී. පසුගිය නොවැම්බර් 26 දින සිට අද දින දක්වා සියලු කොටස් මිල දර්ශකය මෙලෙස අච්ඡින්න ගමනක යෙදී සිටීම වාර්තාගත සිදුවීමකි.
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.79 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,168.40 ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වේ.
මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 36.83 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,535.25 ක් ලෙසින් වාර්තා වුණි.
රු. බිලියන 5.47 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.
Video Story