අඛණ්ඩව 22වෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. සියලු කොටස් 15,400 ඉක්මවයි. පිරිවැටුම බිලියන 7 පනී

    December, 26, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරනු ලැබීය.

    ඒ ඉතිහාසයේ පළමු වරට ඒකක 15,400 සීමාවට පැමිණෙමිනි.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 15,400.53 ක් ලෙසින් සටහන් වුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක ඉහළ යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 67.15 කින් හෙවත් 1.48% කි් අද දින ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 4,602.40 ක් ලෙසින් සටහන් වුණි.

    රු. බිලියන 7.04 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.