December, 30, 2024
අසිරිමත් නත්තල් සිරියෙන් රටම අලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. එලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිත කරන දුරකථන කුළුණකි. මෙය ශ්‍රී ලාංකිකයන් නව වසරකට පියනගන මොහොතේ දියුණුවේ බලාපොරොත්තු දල්වන අපූර්ව සංකේතයක් බවට පත්වනු නිසැක ය.
රාගම වල්පොළ පිහිටි HUTCH දත්ත මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටා ඇති මෙම කුළුණෙහි උස අඩි 282 ක් හෙවත් මීටර් 86 ක් වන අතර එය සැතපුම් ගණනාවක් ඈතට දිස් වේ. දෙසැම්බර් 24 දින නත්තල් ආලෝකයෙන් ආලෝකමත් වන මෙම කුළුණ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට බලාපොරොත්තුවේ පහන් ටැඹක් වනු ඇත. ජනතාවට මෙම කුළුණ වෙත පැමිණ සුරක්ෂිත ලෙස එය දැකබලා ගනිමින් උත්සව සමයේ සතුට සිත් සේ අත්විඳීමට අවස්ථාව සලසා දීමටද HUTCH පියවර ගෙන තිබේ.
‘Christmas Innovation Tower’ යනු අප එදිනෙදා දකින, අපට හුරුපුරුදු දේවල් නිර්මාණශීලී චින්තනය ඔස්සේ සුවිශේෂී දේවල්වලට පරිවර්තනය කරගත හැකි ආකාරය පෙන්වා දෙන අගනා උදාහරණයකි. “HUTCH යනු හුදෙක් ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් පමණක් ම නොවේ. ඔවුන් ලාංකිකයින්ට දියුණුවෙහි නව මං පෙත් ගවේෂණය කිරීමට ඉඩකඩ සලසා දෙන පුරෝගාමියෙකි. එම පුරෝගාමී චින්තනයෙහිම ප්‍රතිඵලයක් වන මෙම නත්තල් කුළුණ, උත්සව සමයේ සතුට සමරන අතරම, නවෝත්පාදන සිතුවිලි වැළඳ ගනිමින් අභියෝග අවස්ථා බවට පත්කරගැනීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන් දිරිගන්වන නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HUTCH ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා පැවසී ය.
ශ්‍රී ලංකාව යනු සම්පත්වලින් පිරිපුන් රටකි. එම සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීම මගින් ශ්‍රී ලංකාවත් එහි පුරවැසියනුත් දියුණුවෙන් දියුණුව කරා රැගෙන යා හැකි වේ. Christmas Innovation Tower මගින් සංකේතවත් වන්නේ මෙම බලාපොරොත්තුවයි. අප කවර තත්ත්වයක සිටියද, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය ඔස්සේ අපූර්ව දේවල් සිදුකිරීමට අපට හැකියාව ඇති බව එය අපට සිහිපත් කරවනු ඇත. Christmas Innovation Tower යනු සැබැවින්ම අප අවට ඇති ලෝකය පිළිබඳව අලුතින් සිතීමේ වැදගත්කම පිළිබඳ අපූර්ව සිහිකැඳවීමකි.