December, 30, 2024
පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් වටිනාකමෙහි හදිසි ඉහළ යාමක් වාර්තා වුව ද මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
2024 දෙසැම්බර් 26 දින වන විට රු. 296.48 ක් දක්වා ඩොලරයේ මධ්‍ය අගය ඉහළ ගොස් තිබුණු අතර අද (30) වන විට එය රු. 292.75 ක් දක්වා පහළ ගොස් ඇත.
අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.33 ක් හා විකුණුම් මිල රු. 297.06 ක් ලෙසින් වාර්තා වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ දෙසැම්බර් 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.1% කින් අතිප්‍රමාණය වී ඇති බවයි.