December, 30, 2024
ඉතිහාසය නැවත නැවතත් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කාර්යසාධනයෙහි වාර්තාගත වර්ධනයක් අද (30) දිනයේ දී ද දැක ගත හැකි විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ යන ලදී
මේ අතර අද දිනයේ දී S&P SL20 දර්ශකයේ 3.14% ක සුවිශාල වර්ධනයක් සටහන් විම ද විශේෂ සිදුවීමකි. දිනය තුළ ඒකක 146.73 කින් S&P SL20 දර්ශකය ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 4,813.38 ක් ලෙසින් සටහන් විය.
ප්රධාන වශයෙන් අද දින කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමට බැංකු සමාගම් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් අතර එහිදී HNB, NDB, සම්පත් සහ DFCC යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබුණි.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 10 සීමාව අභිබවා යාම තවත් සුවිශේෂී සිදුවීමකි.
දෛනික පිරිවැටුමට HNB රු. බිලියන 1.1 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 970 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 668 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 400 ක් සහ DFCC බැංකුව රු. මිලියන 349 ක් ලෙසින් ඉහළ දායකත්වයක් ලබා දීමය සමත්විය.
කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඉහළ ගියේ අඛණ්ඩව 24 වෙනි දිනයට වීම විශේෂත්වයකි.
Video Story