January, 1, 2025
2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
2024 වසරේ අග භාගයේ දී යම් විචලතාවක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණි.
2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල මාසික අවප්‍රමාණයවීමක් වාර්තා කළේය.
කෙසේ වෙතත්, 2024 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 10.7කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල, සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.
ශ්‍රී ලංකා රුපියලෙහි 2024 වසරේ නොවැම්බර් මස අවසානය දක්වා වසර තුළ වූ නාමික අතිප්‍රමාණයට අනුකූලව මුදල් වර්ග 24කින් සැදුම්ලත් පැස මත පදනම් වූ මූර්ත සඵල විනිමය අනුපාතිකය (මූ.ස.වි.අ. 24) ද අතිප්‍රමාණය විය.
ඒ අනුව, මෙම කාලපරිච්ඡේදය තුළ දී විදේශීය තරඟකාරීත්වයෙහි අඩු වීමක් පිළිඹිබු කරමින්, මූ.ස.වි.අ. 24හි දර්ශකය (2017=100) 2023 වසරේ දෙසැම්බර් මස අවසාන වන විට පැවති 70.2ක සිට 2024 වසරේ නොවැම්බර් මස අවසාන වන විට 75.4ක් දක්වා ඉහළ ගියේය.
