NDB බැංකුව ISO ත‍්‍රිත්ව සහතික (ISO 27001:2022, ISO 22301:2019, ISO 20000:2018) හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව ලෙස පෙරමුණ ගනී

    January, 3, 2025

    NDB බැංකුව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO 20000:2018  සහතික තුනක් හිමිකර ගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වාණිජ බැංකුව බවට පත්වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කොට ඇත.   තොරතුරු ආරක්ෂාව සඳහා ISO 27001:2022, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා ISO 22301:2019, සහ වඩාත් මෑතක දී තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය සඳහා ISO 20000:2018 ලෙස මෙසේ ISO සහතික  ත‍්‍රිත්වය හිමිකරගෙන ඇත.

    ISO 20000:2018 සහතිකය හිමිකර ගැනීම මඟින්, ගනුදෙනුකරුවන්ගේ සහ පාර්ශවකරුවන්ගේ වැඩි දියුණු වන අවශ්‍යතා සපුරාලන අතර මෙහෙයුම් කටයුතුවල ඇති විශිෂ්ටත්වය සහ සුරක්ෂිත, අභියෝගාත්මක අවස්ථා වලට ඔරොත්තු දීමේ හැකියාව සහ උසස් තත්වයේ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම සඳහා බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි.

    NDB බැංකුවේ ගමන් මඟ තුළ ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ස්ථාන කිහිපයක් සනිටුහන් කර තිබේ. බැංකුව සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා 2022 දී යාවත්කාලීන කළ නවතම ISO 27001 සහතිකය හිමිකරගත් බැංකුකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථමයා වූ අතර ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා ISO 22301:2019 සහතිකය හිමිකරගත් ප‍්‍රථමයාද වේ. නියාමන අවශ්‍යතාවලට අමතරව ලබාගෙන ඇති මෙය සහතික අනුකූලතාව සහ මෙහෙයුම් කටයුතු වල ශක්තිමත් බව වැඩි දියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති (CBSL) නිර්දේශයන්ට අනුකූලව, නවෝත්පාදනය, ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ක‍්‍රියාත්මක වීමේ NDB බැංකුවේ කැපවීම පෙන්නුම් කරයි.

    මෙම විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී සහ තොරතුරු තාක්ෂණ අංශයේ උප සභාපති  ඉන්දික ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ, ‘‘අප හිමිකරගත් මෙම ISO සහතිකය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වීම සඳහා පමණක් නොව, තාක්ෂණික නවෝත්පාදනයන්, මෙහෙයුම් කටයුතු වලදී ඔරොත්තු දීමේ හැකියාව සහ පාරිභෝගික විශ්වාසය පවත්වා ගැනීම සඳහා අපගේ නොපසුබට කැපවීම ඉස්මතු කරනවා. සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා නවතම තාක්ෂණයන් භාවිතා කිරීමට සහ ක්ෂේත‍්‍රය තුළ නව මායිම් සලකුණු කිරීම වෙනුවෙන් NDB බැංකුව නිබඳවම කැපවී සිටිනවා’’ ලෙසයි.

    මෙම සුවිශේෂී සංධිස්ථානය බැංකුව විසින් සනිටුහන් කරන්නේ ජයග‍්‍රහණ වලින් පිරුණු වසරක් ලෙසයි. 2024 වර්ෂය තුළ ISACA (Information Systems Audit and Control Association) විසින් සංවිධානය කරන ලද 2024 කීර්තිමත් ඩිජිටල් සම්මාන උළෙලේදී දේශීය බැංකු අංශය යටතේ ‘Technology Resilient Company of the Year 2024’ ලෙස NDB බැංකුව පිළිගැනීමට ලක්විය. උසස් තාක්ෂණික යටිතල පහසුකම් සහ නවෝත්පාදන වලට අමතරව, NDB බැංකුව NBQSA සම්මාන 2024 හි දී ඩිජිටල් නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය තුළ එහි නායකත්වය හිමිකර ගනිමින් සම්මානයට පාත‍්‍ර විය.

    NDB බැංකුව විසින් හිමිකරගත් මෙම සහතික කිරීම් එහි සේවක කණ්ඩායම්වල විශේෂඥභාවය සහ එහි ශක්තිමත් තාක්ෂණික යටිතල පහසුකම් පිළිබඳ කදිම සාක්ෂියකි. ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව, NDB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට විශ්වාසදායක බැංකු හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරත්වය පෙන්නුම් කරයි. බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කිරීම පාරිභෝගිකයින්ට අන්තර්ජාතික මට්ටමේ ආරක්ෂිත, නව්‍ය සහ කාර්යක්ෂම සේවාවක් පිළිබඳ විශ්වාසය තැබිය හැකි බව සහතික කරයි.

    NDB බැංකුව බැංකු ක්ෂේත‍්‍රයේ සීමා මායිම් පුළුල් කරන අතර, මෙම ISO ත‍්‍රිත්ව සහතික කිරීම් මඟින් තාක්ෂණික ඔරොත්තු දීමේ හැකියාව, මෙහෙයුම් කටයුතු වල විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම සඳහා එහි නායකත්වය පිළිබඳ ප‍්‍රබල සාධකයක් වේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

     

    ඡායාරූප විස්තරය - කල්හාරි ගමගේ (නියොජ්‍ය කළමනාකරු - තොරතුරු තාක්ෂණ ආරක්ෂණ - (NDB බැංකුව), අමිල විතානගේ (සහකාර උප සභාපති - තොරතුරු තාක්ෂණ - (NDB බැංකුව), ලසන්ත ගන්ගේ (ජේෂ්ඨ කළමනාකරු - තොරතුරු තාක්ෂණ ආරක්ෂණ - (NDB බැංකුව), ලසන්ත මාතුපාල (සහකාර උප සභාපති - තොරතුරු තාක්ෂණ  - NDB බැංකුව), කැළුම් එදිරිසිංහ (ප‍්‍රධාන විධායක නිලධාරී - NDB බැංකුව), ඉන්දික ගුණවර්ධන (ප‍්‍රධාන තොරතුරු නිලධාරී / උප සභාපති - තොරතුරු තාක්ෂණ - NDB බැංකුව),  ශාන් නානායක්කාර (දේශීය සාමාන්‍යාධිකාරී -  බියුරෝවෙරිටාස් ශ‍්‍රී ලංකා), KV විනෝජ් (නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී - NDB බැංකුව), රන්දිමා ඒකනායක (බියුරෝවෙරිටාස් ශ‍්‍රී ලංකා ),  සුබාෂ් සිල්වා (කළමනාකරු බියුරෝවෙරිටාස් ශ‍්‍රී ලංකා ), රසික සම්පත් (තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ප‍්‍රධානී - NDB බැංකුව), විරග මහේෂ් හිරිපිටිය (තාක්ෂණ මෘදුකාංග සංවර්ධන - NDB බැංකුව)