January, 7, 2025
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 'Starlink' Lanka (Private) Ltd හරහා ක්රියාත්මක කිරීමට නියමිත 'Starlink' චන්ද්රිකා බ්රෝඩ්බෑන්ඩ් සේවා පැකේජ සඳහා ගාස්තු සැලසුම් අනුමත කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 ඉක්මවන පැකේජ 5ක් සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු 14 වනදා කටයුතු කළේය.
TRCSL අනුමත තීරුබදු සැලසුම් පහත පරිදි වේ.
