January, 8, 2025
2017 වසරේ සිට වාර්තා කළ ඉහළම වාර්ෂික වර්ධනය
2024 වසරේ පළමු කාර්තු තුන තුළ දී ශ්රී ලංකා ආර්ථිකයේ 5.2% ක වර්ධනයක් ඇස්තමේන්තු කර ඇති බවත්, ආර්ථික ක්රියාකාරකම්වල පැවති වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යමින් 2024 සමස්ත වසර තුළ 5% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි පුරෝකථනය කරනු ලබන බවත් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2025 සහ ඉදිරිය සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර සිටී.
එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
2023 වසරේ දෙවන භාගයේ සිට නිරීක්ෂණය වූ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වීමේ ප්රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ශ්රී ලංකා ආර්ථිකය 2024 වසෙර් දී ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වූ අතර, ආරම්භයේ දී පදනම් බලපෑම මෙයට මූලික වශයෙන් හේතු වූ නමුත් ලිහිල් මුදල් ප්රතිපත්තිය සහ අඩු උද්ධමන පරිසරය ද මෙයට සහභාගී විය.
2024 වසරේ පළමු කාර්තු තුන තුළ දී, ප්රධාන ආර්ථික අංශවල වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකය සැලකිය යුතු ලෙස 5.2% කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ආර්ථික ක්රියාකාරකම්වල පැවති වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යමින්, කර්මාන්ත සහ සේවා අංශවලට අදාළ ප්රමුඛ ආර්ථික දර්ශක මගින් 2024 අවසාන කාර්තුවේ දී නිෂ්පාදිතය අඛණ්ඩව වර්ධනය වන බව පෙන්නුම් කරයි.
ඒ අනුව, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2017 වසරේ සිට වාර්තා කළ ඉහළම වාර්ෂික වර්ධනය වාර්තා කරමින් 2024 වසරේ දී ලැබුණු 5.0%කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෑත මාසවල දක්නට ලැබුණු අවධමනය ඉල්ලුම් සාධකවල ප්රතිඵලයක් ලෙස නොව ප්රධාන වශයෙන් පාලන මිල ගණන් ගැළපීම ඇතුළු සැපයුම් පාර්ශවීය සාධකවල ප්රතිඵලයක් වන බව, අපේක්ෂිත මට්ටම අභිබවා දක්නට ලැබුණු ඉහළ ආර්ථික වර්ධනය මගින් ද පෙන්නුම් කෙරේ.
Video Story