January, 8, 2025
දින තුනකට පසු කොටස් වෙළඳපොළ මිල දර්ශක වල යළි ඉහළ යාමක් අද(08) දක්නට ලැබුණි.
ඒ අනුව අද සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 99.37 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15,954.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 27.12 කින් ඉහළ ගොස් ඒකක 4,816.10ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 145ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප්, LB ෆයිනෑන්ස් , කොමර්ෂල් බැංකුව සහ LOLC හෝල්ඩිංස් යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 5.23 ක් ලෙසයි.
Video Story