January, 9, 2025
සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩ ඉමක් සනිටුහන් කරමින් ගෝලීය වෙළඳපල 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රථිපලයක් ලෙස, ආර්ථික පසුබෑමෙන් ගොඩ එන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට දැරිය හැකි අඩු මිලකට ටයර් ලබාදීමේ හැකියාව ෆෙරෙන්ටිනෝ සොයා බලන ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකේය රථවාහන රියදුරන්ට අනෙකුත් ජාත්‍යන්තර සන්නාමයන්ට වඩා අඩු මිලකට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සුවපහසුව අතින් ඉහලම තත්ත්වයක ජාත්‍යන්තර ටයර් සන්නාමයක් මිළදී ගැනීමේ අවස්ථාව ලැබී ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ කාත්තන්කුඩි හෝ කොළඹ හෝ ප්‍රදේශය කුමක් වුවත් වට්ටම්වල වෙනසක් නොමැතිව එකම ප්‍රමිතිගත අවම මිළකට රට පුරා පාරිභෝගිකයන් හට අනෙකුත් ජාත්‍යන්තර වෙළඳ නාමවලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට ලබාදීමට හැකි වීමයි.
2025 ජනවාරි මස ෆෙරෙන්ටිනෝ ටයර් සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. හොරණ පිහිටි එහි අති නවීන කර්මාන්තශාලාව සමඟින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත ෆෙරෙන්ටිනෝ ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් බවට පරිවර්තනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී කාර් රේඩියල් (PCR) ටයර් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරයි.
ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DOT) ප්‍රතීතනය, බ්‍රසීලයේ INMETRO සහතිකය, යුරෝපීය ආර්ථික කොමිසමේ ECE4 සහතිකය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සහතිකය වැනි කීර්තිමත් සහතික සුවපහසුව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා ගෝලීය ප්රමිතීන් සපුරාලීම පිළිබඳ ෆෙරෙන්ටිනෝ ටයර් සතු කැපවීම පිළිබද වැදගත් සාක්ෂියකි. මෙම සහතික මගින් ප්‍රධාන වෙලඳපොලවල දොරටු විවර වීමෙන් ලැබූ ප්රතිලාභ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට ලබා දීමට හැකි වීම ෆෙරෙන්ටිනෝ තෙවැනි සංවත්සරයට සමගාමීව සිදුවීම තවත් සුවීශේෂී කරුණකි.
"අපි වඩාත්ම සතුටට පත්වන්නේ ෆෙරෙන්ටිනෝ නිෂ්පාදන පෙළ ගෝලීය වෙළඳපල අතික්‍රමණය කිරීමට ලැබීම ගැන පමණක් නොව, අප නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීමේ ප්රතිලාභ ලෙස ආරක්ෂාව, ගුණාත්මක භාවය සහ සුවපහසුව සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ෆෙරෙන්ටිනෝ සැලකිය යුතු ලෙස අඩු මිලකට අපගේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකිවීම ගැනය. ” යනුවෙන් මෙහෙයුම් අධ්යක්ෂ ලහිරු ලොකුවිතාන මහතා අදහස් දක්වමින් පැවසීය.
"ර්ශ්රී ලාංකේය පාරිභෝගිකයන් නොමඟ යවන වට්ටම් සහ ප්රවර්ධනවලින් හෝ සැක සහිත ප්රමිතීන් සහිත සන්නාමවලින් ලබා දෙන වට්ටම් වෙනුවට ෆෙරෙන්ටිනෝ ලබා දෙන මෙම ප්රතිලාභ හරහා ජාත්‍යන්තර ප්රමිතීන් ඉක්මවා යන ටයර් සන්නාමයක් භුක්ති විඳීමට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අවස්ථාව ලැබෙන බව” විධායක අධ්යක්ෂ ධම්මික ලොකුවිතාන මහතා මෙම සන්ධිස්ථානයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළේය.
සිය තුන්වන සංවත්සරය සමරමින්, ෆෙරෙන්ටිනෝ විසින් ශ්‍රී ලංකා වෙළඳපොළ සඳහා අඟල් 12 සිට අඟල් 19 දක්වා ප්‍රමාණයේ පුළුල් ටයර් පෙළක් ද එළිදැක්වීය. මෝටර් රථ ආනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති පසුබිමක බොහෝ වාහන අඟල් 15ට වැඩි ටයර් ප්‍රමාණයකින් යුතු බැවින් අඩු මිලකට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ටයරයක් ලබා ගැනීමේ ප්‍රතිලාභයද එමගින් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ හොරණ පිහිටි නවීනතම නිෂ්පාදන කම්හලේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මෙම තෙවසර ඇතුලත දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අද්විතීය තරඟකරුවෙකු ලෙස ෆෙරෙන්ටිනෝ ටයර් වර්ධනය වී ඇත.
ධනුෂ්ක සංජීව මහතා - ප්‍රාදේශීය අලෙවි කළමණාකරු – PCR, අකලංක විජේසිංහ මහතා – ව්‍යාපෘති අලෙවි කළමණාකරු, සුජිත් ජයසුන්දර මහතා, නිෂ්පාදන කළමණාකරු, දිල්රුක් සුරංග මහතා – ප්‍රධාන මූල්‍ය නිලධාරී, උශාන්ත ජයලත් මහතා – ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ධනුෂ්ක මධුරංග මහතා - සාමාන්‍යාධිකාරී - විකුණුම්
ධනුෂ්ක සංජීව මහතා - කලාපීය විකුණුම් කළමනාකරු - PCR, අකලංක විජේසිංහ මහතා - ව්‍යාපෘති විකුණුම් කළමනාකරු, සුජිත් ජයසුන්දර මහතා - නිෂ්පාදන කළමනාකරු, දිල්රුක් සුරංග මහතා - ප්‍රධාන මූල්‍ය නිලධාරී
ෆෙරෙන්ටිනෝ නව ටයර් පෙළ
ඡායාරූප විස්තරය - අකලංක විජේසිංහ මහතා - ව්‍යාපෘති අලෙවි ප්‍රධානි, සුජිත් ජයසුන්දර මහතා - නිෂ්පාදන ප්‍රධානි, දිල්රුක් සුරංග මහතා - ප්‍රධාන මූල්‍ය නිලධාරී, උශාන්ත ජයලත් මහතා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ධනුෂ්ක මධුරංග මහතා - සාමාන්‍යාධිකාරී - විකුණුම්
Video Story