tuktukrental.com විජයග්‍රාහී 2024 වසරක් සනිටුහන් කරයි 

    January, 10, 2025

    tuktukrental.com ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස අද්විතීය සන්ධිස්ථාන මාලාවක් සමඟින් 2024 වර්ෂය සනිටුහන් කර ඇත

    tuktuktental.com මගින් හයවන වරටත් සංවිධානය කල මෙම තරගාවලිය Red Bull විසින් අනුග්‍රාහක දායකත්වයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් අතර පැවත්වූයේ වසරේ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සනිටුවන් කරමිනි. යුරෝපය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල් නියෝජන කරමින් කණ්ඩායම් 94 සංචාරකයන් 208 දෙනෙකු මෙම තරගය සදහා සහභාගී විය. මෙම උත්සවය දිවයිනේ සුන්දරත්වය හා ලාංකීය ජීවන රටා සංචාරකයන්ට ප්‍රවර්ධනය කරමින් දිවයිනේ ප්‍රදේශ 1000 කට අධික ප්‍රමාණයක තරු පහේ හෝටල්, නිවාඩු නිකේතන සිට කුඩාපරිමාණ සංචාරක ව්‍යාපාර දක්වා පුළුල් පරාසයක ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ක්ෂුද්‍ර ආර්ථිකයන් නංවාලීමට අවස්ථාව නිර්මාණය කලේය. 

    තරඟාවලියට සහභාගිවන්නන් උතුරු සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේ නව පිරිසිදු පානීය ජල සම්බන්ධතා 78 ක් සඳහා අරමුදල් සපයමින්, තරගාවලිය ආරම්භයේ සිට මේවන විට මුළු ජල සම්බන්ධතා 321ක් දක්වා  වර්ධනය කර ගැනීමට සමත් විය. තරගකරුවන් වගකීමෙන් යුතුව තම අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය කරමින්, මෙම තිරසාර සංචාරක අත්දැකීමට සම්බන්ධ වීම තවත් සුවිශේෂී අංගයකි. 

    2024 නොවැම්බර් මස ලන්ඩනයේ පැවති ලෝක සංචාරක වෙළඳපොලට tuktukrental.com සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් හා එම ව්‍යාපාරයේ දැක්ම පිලිබදවත්, විදෙස් සංචාරක නියෝජිතයින් හට ප්‍රවර්ධනය කරන ලදි. මෙම ගෝලීය වෙළඳ ප්‍රදර්ශනය මගින් සමාගමේ සුවිශේෂී සංචාරක අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ ආශ්චර්යය ලොවට ප්‍රදර්ශනය කිරීමට උනන්දු වන සංචාරක නියෝජිතයන් සමඟ හවුල්කාරිත්වයන්ට දොරටු විවර කළේය

    2024 ලන්ඩනයේ WTM හීදි tuktukrental.com කණ්ඩායම ක්ෂෙත්‍රයේ ⁣වෘතිකයන් සමග. වමේ සිට දකුණට. ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සභාපති බුද්ධික හේවාවසම් මහතා. සංචාරක ඡායාරූප ශිල්පී, ලේඛක හා ප්‍රකාශක එශාන් ගුණසේකර මහතා. tuktukrental.com හී සම නිර්මාතෘ සහ හවුල්කාරීත්ව විධායක සහ මහජන සම්බන්ධතා නිලදාරි විට්සෙ සෙනෙමා මහතා. එක්සත් රාජධානියේ ශ්‍රි ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම මහතා. tuktuktental.com හී විධායක - පාරිභෝගික අත්දැකීම් ආකම් අසර් මහතා.

    සමාජ ව්‍යවසායක ව්‍යාපාරයක් ලෙස, tuktukrental.com විසින් තිරසාර ජීවනෝපායන් සඳහා දායක වෙමින් මේ වන විට ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ 645 තුලින් පවුල් 600කට වඩා සවිබල ගන්වා ඇත. 2016 වසරේ ව්‍යාපාරය ආරම්භයේ සිට මේ දක්වා සංචාර 17,000කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති අතර දේශීය ශ්‍රී ලාංකික ත්‍රීරෝද රථ හිමිකරුවන්ට ඩොලර් මිලියන 1.82 ඉක්මවන ආදායමක් සෘජුවම දායක කර ඇත. සමාගම මේ වන විට සියයකට අධික ලාංකිකයන් ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දී ඇත.  

    tuktukrental.com ශ්‍රී ලංකාවේ ජනතාව සවිබල ගන්වමින් එහි සංස්කෘතික හා ස්වභාවික වස්තු ආරක්ෂා කරනවා පමණක් නොව ඒවා ප්‍රවර්ධනය කරමින් ජාතික ආදායමට දායකත්වය ලබා දීමට හැකි වීම පිලිබදව අඩම්බර වේ. අර්ථවත්, ප්‍රජා සංචාරක අද්දැකීම් කේන්ද්‍ර කරගනිමින් මෙම සංචාරක ව්‍යාපාරය, යහපත සඳහා බලවේගයක් කිරීම tuktukrental.com නායකත්ව කණ්ඩායමේ අරමුණයි

     

    ඡායාරූප විස්තරය : tuktukrental.com දේශීය ව්‍යාපාර වලට අත්වැලක් වෙමින් සංචාරකයන්ට නිදහස් අද්දැකීමක් ලබා ගන්නට අවස්ථාවන් සලසවයි.