January, 15, 2025
මෙරට වැවිලි ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය සඳහා වන ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්බිම සමාගම් සමූහයට අයත් එම සමාගම හඳුන්වා දී ඇති තිරසාර සහ නව්‍ය කෘෂිකාර්මික සංකල්ප එහිදී ඇගැයීමට ලක් විය. ප්‍රධාන විධායක නිලධාරී, දේශමාණ්‍ය, උපුල් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ලක්බිම ප්ලාන්ටේෂන් ප්‍රධාන කාර්යාලය මහරගම පිහිටා ඇත. එම සමාගම රත්රන් වැනි වටිනා ශාකයක් වන ඇක්විලාරියා හෙවත් අගාවුඩ් වැනි ඉහළ වටිනාකමක් සහිත බෝග වගා කරයි. සුවඳ විලවුන් සහ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා ඉතා ඉහළ ඉල්ලුමක් සහිත අගාවුඩ් ලොව ඉහළම වටිනාකමක් ඇති ශාකයකි. බොහෝ වැවිලි සමාගම් ඔවුන්ට අයත් ඉඩම්වල අගාවුඩ් ශාක වගා කර ඒවායේ ආයෝජනය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව දෙන නමුත් ලක්බිම ප්ලාන්ටේෂන් සමාගම පාරිභෝගිකයන්ට අයත් ඉඩම්වලද වගා කටයුතු සිදු කර දෙයි.
අගාවුඩ්වලට අමතරව කුරුඳු, නයිමිරිස්, ඉඟුරු වැනි බෝග වගා කරන එම සමාගම ඒවා අපනයනය කිරීමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වේ. පරිසර හිතකාමී නිෂ්පාදන පුරුදු සහ සදාචාර සම්පන්න ව්‍යාපාර මූලධර්ම අනුගමනය කරන එම සමාගම මෙරට ආර්ථිකයේ සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන්නේ කැපීපෙනෙන දායකත්වයකි. එම සමාගමේ අපනයන අංශය ශ්‍රී ලාංකික කෘෂිකාර්මික විශිෂ්ටත්වය ගෝලීය වෙළෙඳපොළ සමග සම්බන්ධ කර විදේශ විනිමය ඉපැයීමට නොමද සහායක් දක්වයි. එම සමාගමේ ආනයන අංශය මෙරට කර්මාන්ත රැසකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපැයුම සහතික කරයි. ගෝලීය වශයෙන් පිළිගත් සමාගම් සමග සම්බන්ධ වී ඇති ලක්බිම සමාගම් සමූහය රටවල් පහකට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් පවත්වා ගෙන යන අතර ශාඛා දහයකට වැඩි සංඛ්‍යාවක් හරහා සිය පාරිභෝගිකයන්ට, ව්‍යාපාර සහකරුවන්ට සේවා සපයයි.
Video Story