January, 15, 2025
NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය මෙවරත් සාම්ප්‍රදායික දින දර්ශනයකින් ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ පසුගිය දා එලි දක්වනු ලැබීය. දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය කැපවීම විදහා පාමින් නවීන තාක්ෂණය සභ තිරසාරත්වය කැටිකර ගනිමින් NDB බැංකුව විසින් මෙම දින දර්ශනය නිර්මාණය කර තිබේ.
2025 දින දර්ශනයේ සුවිශේෂත්වය නම් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් සහකරු වන NDB කැලැන්ඩර් පෑල් (Calendar Pal) ය. මෙම වසරේ, කැලැන්ඩර් පෑල් ආකර්ෂණීය ඔරිගාමි නිර්මාණයක් සකසා ගැනීම සඳහා පරිශීලකයින්ට මඟ පෙන්වමින් නැවුම් අත්දැකීමක් එක් කරයි. සෑම මාසයකම දින දර්ශන පිටුව ඔරිගාමි නිර්මාණයක් බවට පරිවර්තනය කරගත හැකි වන අතර, දින දර්ශන පිටු වල ඇති QR කේත ස්කෑන් කිරීම හරහා කැලැන්ඩර් පෑල් විසින් සපයනු ලබන නැමීමේ උපදෙස් අනුගමනය කිරීමෙන් එම ඔරිගාමි නිර්මාණය සකසා ගත හැක. මෙම ඔරිගාමි නිර්මාණ හුදෙක් කලා නිර්මාණයක් පමණක් නොව, එම සෑම නිර්මාණයක්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) හා සම්බන්ධ පණිවිඩයක්ද රැගෙන එයි.
මෙම නව්‍ය නිර්මාණය එළිදැක්වීම සඳහා NDB බැංකුව විසින් නවම් මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවයක් ද සංවිධානය කරන ලදී. තිරසාර භාවය පිළිබඳ ක්ෂේත්රයේ ප්‍රවීනයන්, කුඩා දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟින් පැවැත්වුනු මෙම වැඩසටහන ඔරිගාමි නිර්මාණය කිරීම සහ තවත් අංග රැසකින් සමන්විත වූ අතර වැඩසටහන අවසානයේදී පැමිණ සිටි පිරිස වෙත ත්‍යාග පිරිනැමීමද සිදුවිය.
උත්සව අවස්ථාව අමතමින් NDB බැංකුවේ ජෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “NDB බැංකුවේ අප සෑම විටම සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කිරීම පිළිබඳව විශ්වාස කරනවා. 2025 වසරේ දින දර්ශණය නවෝත්පාදනයන් තුළින් තිරසාරභාවය සමඟ සම්බන්ධ වීම සඳහා වන සිහි කැඳවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ඇති සෑම ඔරිගාමි නිර්මාණයක්ම සමඟම අපගේ අනාගතය හැඩගස්වා ගැනීමට දායක වන සාරධර්ම සමඟ සබඳතාවයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
වනජීවි සහ සොබාදහම සුරැකීමේ සංගමයේ (WNPS) තරුණ අංශයේ සභාපති කේෂාන් පෙරේරාගේ සහාභාගීත්වයෙන් මෙම උත්සවය තවත් වර්ණවත් වීය. NDB බැංකුව සමඟ කේෂාන්ගේ සම්බන්ධතාවය 2018 දක්වා ඈතට දිව යන අතර ඔහුගේ පාසැලේ පැවති “සංරක්ෂණය සඳහා අධ්‍යාපනය” (Education for Conservation) යන තේමාව යටතේ WNPS සමඟ එක්ව සංවිධානය කල වැඩසටහනක් අතරතුර ඔහු පරිසර සංරක්ෂණය සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමට ප්‍රථමයෙන්ම ඉදිරිපත් වූ පුද්ගලයාද විය.
මෙම වසරේ දින දර්ශනය හුදෙක් දින දර්ශනයක් පමණක් නොව එය නවෝත්පාදනය සහ තිරසාරභාවය සඳහා අත්වැල් බැඳගැනීම වෙනුවෙන් සිහි කැඳවීමක්ද වේ. බැංකුකරණ අත්දැකීම් නැවත නිර්වචනය කිරීම සහ “අනාගත බැංකුකරනයේ පෙරගමන්කරු” යන තේමාව තහවුරු කරමින් මෙම නව දින දර්ශනය එලි දැක්වීම සිදු කෙරුණි.
NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය, AI තාක්ෂණය හරහා බලගැන්වුනු අතර ඒ හරහා පරිසරය සුරැකීම සඳහා දැනුවත් කිරීමක්ද සිදු කෙරේ. ඔබේ දින දර්ශනයේ සඳහන් QR කේත ස්කෑන් කිරීම මඟින් ඔබටත් මේ සමඟ සම්බන්ධ වී මෙම නවතම අත්දැකීම බෙදා හදා ගන්නා ලෙස NDB බැංකුව ඔබටත් ආරාධනා කර සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story