අදානි සමූහයේ සමාගම් උපායමාර්ගික පුළුල් කිරීම් සමඟ වාර්තාගත තිරසර වර්ධනයක් වාර්තා කරයි

    January, 16, 2025

    අදානි සමූහයට අයත් පුනර්ජනනීය බලශක්තිය, වරාය සහ ඛනිජ ද්‍රව්‍ය රසායන සමාගම්වල කැපවීම තුළින් සිය මෙහෙයුම්වල විශිෂ්ටත්වය, තිරසර බව සහ ගෝලීය ව්‍යාප්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය කරන්නට සමත්ව ඇත.

    Adani Green Energy Limited (AGEL) සතු ධාරිතාවයන් අඛණ්ඩව වර්ධනය කරගනිමින් ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නට සමත්ව ඇත. පසුගිය සති කිහිපය තුළ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සමාගම සමත් වීම, ඔවුන්ගේ ඇති කැපවීම මනාව පෙන්නුම් කරන්නකි. මෙගා වොට් 62.4ක ධාරිතාවකින් යුතු සුළං-සූර්ය බලාගාරයක් සහ මෙගා වොට් 112.5ක ධාරිතාවකින් යුතු තවත් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ගුජරාටයේ කාව්ඩා හි පිහිටුවනු ලැබූ අතර, මෙගා වොට් 250ක ධාරිතාවකින් යුතු තවත් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් රාජස්ථාන් ප්‍රාන්තයේ ජොද්පූර් හි පිහිටුවනු ලැබීය.

    අභිනව ව්‍යාපෘති මඟින් AGEL පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම්වල සමස්ත ධාරිතාව මෙගා වොට් 11,608.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2030 වන විට ගිගා වොට් 50 ධාරිතාවක් කරා ළඟා වීම සමාගමේ ඉලක්කය වී ඇත. තාක්ෂණය ඵලදායී ලෙස භාවිත කරන අතරතුර, බලශක්ති පිරිවැය අවම කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ මඟින් පිරිසිදු බලශක්ති සඳහා ඇති ප්‍රවේශයන් පුළුල් කිරීම සමාගමේ බලාපොරොත්තුවයි.

    ගෝලීය ව්‍යාප්තිය අරමුණු කරගත් 2025 වර්ෂයේ AGEL දැක්ම සාර්ථක කරගැනීමට 2024 වර්ෂයේ දී සිදුකළ උපාය මාර්ගික පත් කිරීම් ද හේතුවක් විය. SLB (පෙර Schlumberger) හි සේවය කළ අමිත් සිං, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මෙන්ම, බලශක්ති පරිවර්තනයන් පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති වෘත්තීයවේදියෙකි. සමාගමේ ජාත්‍යන්තර බලශක්ති පිළිබඳ කටයුතු ඔහුගේ මඟපෙන්වීම ඔස්සේ ඉදිරියට සිදු කිරීමට නියමිත අතර, ඔහුගේ පත්වීම විශේෂයෙන්ම MENA කලාපය තුළ ක්‍රියාත්මක සමූහයේ ව්‍යාප්ති සැලසුම් සඳහා ලබා දෙන්නේ සුවිසල් දායකත්වයකි. මේ අතර,  පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් පිළිබඳ දශක තුනකට අධික අත්දැකීම් ඇති අශිෂ් ඛන්නා, 2025 අප්‍රේල් සිට AGEL හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත.

    තිරසාර භාවිතයන් පිළිබඳ සමූහයේ කැපවීම සංකේතවත් කරමින්, AGEL 'මෙගාවොට් 200ට වැඩි ධාරිතාවක් සහිත බලාගාර සඳහා ‘Water Positive', 'Single-use plastic free' සහ 'Zero waste-to-landfill' යන සහතික හිමි කරගෙන ඇත. මෙම ජයග්‍රහණ මගින් සමාගමේ වගකීමක් සහිත ආයතනික වර්ධනය මෙන්ම පාරිසරික භාරකාරත්වය සඳහා අදානි සමාගමේ අඛණ්ඩ කැපවීමට ද මනා නිදසුනකි.

    Adani Ports and Special Economic Zone Limited (APSEZ) 2024 දෙසැම්බර් මාසයේදී භාණ්ඩ මෙට්‍රික් ටොන් 38.4ක් හසුරුවමින්, වසරින් වසර 8%ක ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගන්නට ද සමත් වී ඇත. බහාලුම් පරිමාවන්හි (වසරින් වසර 22%) සහ ද්‍රව සහ ගෑස් (වසරින් වසර 7%) සැලකිය යුතු ලෙස වැඩි වීම, මෙම විශිෂ්ට කාර්යසාධනයට හේතු විය. වසරින් වසර සංඛ්‍යාලේඛන මගින් තිරසාර වර්ධනයක් පිළිබිඹු කරන සමාගම, මේ දක්වා හසුරුවන ලද මුළු භාණ්ඩ පරිමාව මෙට්‍රික් ටොන් 332.4ක් වන අතර, දුම්රිය මඟින් 0.48 Mn TEU සහ GPWIS පරිමාවන් MMT 16.1 ලෙස වර්ධනයන් සනිටුහන් කර තිබීම ද කැපී පෙනෙයි.

    සමාගම විසින් දියත් කළ තවත් උපායමාර්ගික පියවරක් ලෙස, Adani Enterprises Limited හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Adani Petrochemicals Limited (APCL), තායිලන්තයේ Indorama Resources Limited සමඟ 50:50 හවුල් ව්‍යාපාරයකට අවතීර්ණ වීම පෙන්වා දිය හැකිය. අලුතින් හඳුන්වා දෙන ලද ආයතනය වන Valor Petrochemicals Limited (VPL), මඟින් පිරිපහදු, ඛනිජ රසායනික සහ රසායනික අංශවලට ද සමාගමේ නියෝජනය තහවුරු කරනු ලැබූ අතර මෙය ද සමාගමේ අඛණ්ඩ ව්‍යාප්තිය සඳහා දිය හැකි තවත් නිදසුනකි.

    මෙම සහයෝගීතාවයන් හා ජාත්‍යන්තර හවුල්කාරීත්වය උපයෝගී කරගනිමින් අදානි සමූහයේ නව ව්‍යාපාරික කලාපවලට ප්‍රවේශ වීම තුළින් පෙනී යන්නේ සමූහයේ උපාය මාර්ගික ව්‍යාප්තියයි. මාධ්‍ය වාර්තාවලට අනුව සමාගම 3.2MTPA කම්හලක් පිහිටුවීම සඳහා ඩොලර් බිලියන 3ක් පමණ ආයෝජනය කිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටියි. එමෙන්ම,APCL විසින් 2MTPA PVC කම්හලක් ද 2026 දී ආරම්භ කිරීමට නියමිතය.

    සමූහයේ බලශක්ති සම්ප්‍රේෂණ අංශය වන Adani Energy Solutions Ltd., ඉතා සංකීර්ණ සහ ඉහළ ප්‍රාග්ධන ව්‍යාපෘතියක් වන HVDC (අධි වෝල්ටීයතා සෘජු ධාරා) යටිතල පහසුකම් ඇතුළත් ~ඩොලර් බිලියන 3ක මෙගා සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් සඳහා අවසර හිමි කරගෙන ඇති අතර, මෙය මේ දක්වා සමාගම විසින් දිනාගත් සුවිසල්ම ව්‍යාපෘතිය ද වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ පසු, ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම් උද්‍යානය සමඟ උතුරේ ඉල්ලුම් මධ්‍යස්ථානය සම්බන්ධ කිරීමෙන් 20GW ධාරිතාවක් ඒ සඳහා නිකුත් කිරීමට ද හැකි  වනු ඇත.

    ස්වකීය සේවා ජාලය පුළුල් කිරීම සහ එහි ජාත්‍යන්තර පැවැත්ම ශක්තිමත් කිරීම හරහා, Adani සමූහය අඛණ්ඩව සිය මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගනිමින්, පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථිකයේ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරමින් සිටින අතර, එය සමූහය සතු ශක්තිමත් මෙහෙයුම් හැකියාවන් පෙන්නුම් කරන්නකි.