හලාවත වැවිලි සමාගමට අයත් පොල්වතු ඉන්දියාවේ අමුල් සමාගමට ලබාදෙනවාද?

    January, 21, 2025

    සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු පොල්වතු ඉන්දියාවේ අමුල් සමාගමට ලබා දීමට පසුගිය රජය විසින් කටයුතු කරමින් සිටි බව දන්නේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

    ඊට පිළිතුරු ලබා දෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ එවැනි තොරතුරක් ඔවුන්ට වාර්තා වී නොමැති බවයි.