ජාතික උද්ධමනය තවදුරටත් පහළට

    January, 21, 2025

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ -1.7% සිට 2024 දෙසැම්බර් මාසයේ දී -2.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

    එහිදී 2024 නොවැම්බර් මාසයේ දී 0% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -1.0% ක් දක්වා පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -3.1% සිට -2.9% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.