කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. පිරිවැටුම රු. බිලියන 10 පනී

    January, 22, 2025

    ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසය නැවත වරක් අලුතින් ලියැවුණු දිනයක් ලෙසින් අද (22) දිනය හැඳින්විය හැකිය.

    ඒ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ දක්වා ඉතිහාසයේ ඉහළම සංධිස්ථානය වූ ඒකක 16,828.80 ක් දක්වා ඉහළට ඒමට සමත්වීමත් සමගිනි. එහිදී අද දිනය තුළ ඒකක 231..64 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 100.17කින් ඉහළ ගොස් ඒකක 5,147.62 ක් දක්වා ඉහළ යන ලදී.

    රු. බිලියන 10.66 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි.