January, 23, 2025
2025 වසරේ පළමු දින 19 තුළ දී සංචාරකයින් 153,761 ක් මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දෙයි.
ජනවාරි මාසයේ ගත වූ පළමු සති දෙකෙහිම පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර තෙවන සතියේ පළමු දින පහ තුළ 41,347ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
මෙම කාලපරිච්ඡේදය තුළ 17.7% ක ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර එම ප්රමාණය 27,166 කි.
මීට අමතරව රුසියාවෙන් 22,023 ක්, එක්සත් රාජධානියෙන් 12,917 ක් සහ ජර්මනියෙන් 9,713 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.



Video Story