ලැවීනියා ප්‍රොපටීස් ලංකාවේ දී විවෘත වෙයි

    January, 28, 2025

    පසුගිය ජනවාරි 16 වන දින සුභ මොහොතින් ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගම, නොම්බර 125, ෆයිෆ් පාර, කොළඹ 05 යන ලිපිනයේ තම සමාරම්භක උළෙල සනිටුහන් කළේය.

    ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගමේ මවු ශාඛාව පිහිටා තිබෙන්නේ එක්සත් එමීර් රාජ්‍යයේ වන අතර එම ආයතනය එ.අ.එ රාජ්‍යයේ වත්මන් දේපළ වෙළඳාම් ව්‍යාපාර අතර පළමු සන්නාම නාම 10 අතරට එක් වී ඇති බව සතුටින් දැනුම් දෙයි.

    ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගම මගින් ශ්‍රි ලාංකික දේපළ වෙළදපලට සුදුවන සේවාවන් රැසක් හඳුනාගත හැකිය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ,

    • දේපළ කළමනාකරණය
    • ඉඩම්, නිවාස, මහල් නිවාස ගැනුම්කරුවන්ට සැපයීම.
    • නිවාස සහ මහල් නිවාස බදු දීම හෝ කුලී පදනම මත සැපයීම
    • ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට වෙළෙඳපොළ තොරතුරු සහ උපදෙස් සපයීම
    • ඉඩම්, නිවාස, මහල් නිවාස විකිණීම පිළිබඳ වෙළඳ ප්‍රචාරණය.

    ඒ අනුව , මෑතකදී ඩුබායි හීදී Uniestate ආයතනය මගින් සංවිධානය කරන ලද සම්මාන උළෙලකදී " The top broker award 2024" යන සම්මානය ලැවීනියා ප්‍රොපටීස් ආයතනය විසින් දිනාගත්තේය.

    ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගම ලාංකික දේපළ වෙළඳපොළ බලගැන්වීමට සැදී පැහැදී සිටින බව දැනුම් දෙනු ලබයි.