January, 29, 2025
මෙරට මුළු අපනයන ආදායමෙන් 90%ක් උපයනු ලබන්නේ අපනයනකරුවන් 10%ක් විසින් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක් කුඩා කණ්ඩායමක් වටා සංකේන්ද්‍රණය වී ඇති බැවින් මෙරට ආර්ථිකය පහළට ප්‍රසාරණය කළ යුතු බවයි.
ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025" අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
"මේ ආර්ථිකේ තියන දත්ත ටිකක් බැලුවොත් අපේ මුළු අපනයන ආදායමෙන්, අපි උපයන අපනයන ආදායමෙන් 90%ක් අපි උපයන්නේ අපනයන කරුවන් 10%කින්. ඒ කියන්නේ අපනයනකරුවන් 10%ක් තමයි , 300ක් 470ක් වගේ අපිට ඒ අදායම ලබා දෙන්නේ. ඒ වගේම අපේ දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අපේ ආදායම බැලුවොත් මුළු ආදායමෙන් 69%ක් අපිට ගෙනත් දෙන්නේ ෆයිල් 621ක්. ඊලගට අපි තව පැත්තකින් බැලුවොත් මේ බස්නාහිර පලාත අපේ ජාතික ආදායමට දායකත්වය සපයනවා 34%ක්. ඌව පලාත අපේ ජාතික ආදායමට දායකත්වය සපයන්නේ 4%යි. උතුරුමැද 5%යි. වයඹ 9%යි. ඒ වගේම පසුගිය දා මම දැක්කා වාර්තාවක පලවෙලා තිබුණා දරුවන්ගෙන් 52%කට තමන්ගේ දෛනික අධ්‍යාපන පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දීලා තිබෙනවා කියලා. එහෙනම් අපි හමුවේ තියනවා මේ ආර්ථිකය එක්කෝ බස්නාහිර පළාතට, එක කුඩා කණ්ඩායමක් අතට මේ ආර්ථිකය සංකේන්ද්‍රණය වෙලා තියනවා. අපි කොච්චර ආර්ථික වර්ධනයක් අත්පත්කර ගත්තත් වැඩක් නැහැ මේ ආර්ථිකය අපේ සංකේන්ද්‍රණය වෙලානම් තියෙන්නේ. ඒ නිසා අපේ අපේක්ෂාව තමයි ආර්ථිකය පහළට ප්‍රසාරණය කරන්න ඕන. "
Video Story