January, 29, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (29) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 2.68කින් පහළ ගොස් ඒකක 17,117.18 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 33.54කින් පහළ ගොස් ඒකක 5,126.31 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 8.40 ක සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
එහිදී ඉහළම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමෙන් ලැබී තිබුණු අතර රු. බිලියන 1.25ක වටිනාකමකින් යුතු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් අද දින ගනුදෙනු වී තිබුණි. තවද ඇක්සෙස් ඉංජිනියරින් සමාගමේ කොටස් ගනුදෙනු හරහා වාර්ත වී තිබුණු පිරිවැටුම රු. බිලියන 1.11 කි.
මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 681 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 452ක් හා අමානා බැංකුව රු. මිලියන 413 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.
Video Story