2025 පළමු දින 26ට සංචාරක පැමිණීම දෙලක්ෂය ඉක්මවයි

    January, 29, 2025

    2025 වසරේ පළමු දින 26 තුළ දී සංචාරකයින් 212,838 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දෙයි.

    2024 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණී සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 208,253ක් ලෙසයි.

    ඒ අනුව මේ වන විටත් පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙම වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.

    2025 ජනවාරි මාසයේ පළමු දින 26 අතරින් ජනවාරි 24 වනදා මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 9,788ක සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇති දිනය බව එම වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

    මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 37,383 ක් ලෙස වාර්තා වෙයි.

    මීට අමතරව රුසියාවෙන් 29,266 ක්, එක්සත් රාජධානියෙන් 18,036 ක් සහ ජර්මනියෙන් 12,663 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.