Nestlé Professional, ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ එක්ව ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බලගන්වමින් සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය සමරයි

    February, 6, 2025

    Nestlé Professional Sri Lanka, ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ පසුගියදා නිමාව දුටු ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බල ගැන්වීමට එක් විය. විධායක සූපවේදීන්, විධායක සූ සූපවේදීන් මෙන්ම විධායක පේස්ට්‍රි සූපවේදීන් ඇතුලු 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවති මෙම උත්සවය සඳහා රට පුරා හෝටල් 154ක විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාවන් ඉදිරිපත් කර තිබුණි.

    සූප ශාස්ත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ඇගයීම හා සම්මාන පිරිනැමීම මෙන්ම ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ වන දිගු කාලීන හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය Nestlé Professional සමාගමට සුවිසල් අවස්ථාවක් විය. මෙහිදී නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා වෙත ලංකා සූපවේදීන්ගේ සංගමයේ සදාතනික ගෞරවණීය සාමාජිකත්වය පිරිනැමීමද විශේෂත්වයකි.

    මෙවර පවත්වනු ලැබූ ජාත්‍යන්තර සූපවේදී දින සැමරුම අතරතුර ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) හා ශ්‍රී ලංකා සත්කාර සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association) සමඟ එක්ව Nestlé Professional විසින් දීප ව්‍යාප්ත 2025 Nestlé Golden Chef’s Hat තරඟයද දියත් කරන ලදී. සංචාරක කර්මාන්තය තුළ වර්ධනය වෙමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනා ගැනීම හා එම හැකියාවන් වර්ධනය කිරීම මෙම තරඟයේ අරමුණ විය.

    මෙම උත්සවය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා “මෙරට ආර්ථිකයේ සුවිශේෂී සාධකයක් ලෙස සංචාරක කර්මාන්තය සඳහන් කළ හැකියි. අපගේ Nestlé Professional තුළින් හිමිකර දෙන ඉහළම තත්වයේ ආහාර පාන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අප ලද ගෞරවයක් කොට සලකනවා. ශ්‍රී ලංකාවට වඩා හොඳ අනාගතයක් උරුම කර දීමේ නෙස්ලේ ලංකා සමාගමේ කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක් වන සදාකාලික ගෞරවණීය සාමාජිකත්වය මා හට පිරිනැමීම පිළිබඳව ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.

    මේ පිළිබඳව සිය අදහස් එක් කළ ශ්‍රී ලංකා සූපවේදී සංසදයේ (Chefs Guild of Lanka) සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා පවසා සිටියේ “ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka) සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වන විවිධ වැඩසටහන් සඳහා නෙස්ලේ ලංකා සහ Nestlé Professional Sri Lanka විසින් ලබා දෙන සුවිසල් කැපවීම පිළිබඳව අපගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා. මෙම 2025 සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය (Culinary Art Food Expo) ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම කෙරෙහි උන්නදුවක් දක්වන එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. එම උත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Nestlé Professional Sri Lanka හි අනුග්‍රහය දැක්වීම පිළිබඳව ඉතාම සතුටුයි.” යනුවෙනි.

    අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන් සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලු විය දක්වා ශ්‍රී ලංකාවේ පවුල් පරම්පරාවන් වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. නිරන්තරයෙන් ආහාර සේවා වෘත්තිකයින් සමඟ එක්ව කටයුතු කරන නෙස්ලේ ලංකා හි B2B අංශය වන Professional Sri Lanka සාර්ථකත්වය වෙනුවෙන් අවැසි සුවිශේෂී ව්‍යාපාරික අභියෝග හා අවස්ථා සඳහා විසඳුම් ලබා දීම සඳහා කැපවී කටයුතු කරයි.