කැළණි කේබල්ස් සංවිධානය කරන වාර්ෂික විද්වත් කතිකාව – Kelani Knowledge Forum 2016

    June, 27, 2016

    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන විද්වත් සාකච්ජා මණ්ඩපයවන ‘Kelani Knowledge Forum 2016‘ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණි. Your Life and Your Business නම් තේමාව යටතේ මෙවර ආරාධිත දේශනය පැවැත්වූයේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කළමනාකරණ උපදේශකයෙකු, ප‍්‍රවීණ ලේඛකයෙකු හා දේශකයෙකුවන දීපාල් සූරියආරච්චි මහතා විසිනි.

    මෙරට වර්තමාන ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා සමාගම් ප‍්‍රධානීන් ට ලොවේ නවතම දැනුම ලබාදීම හා අනාගත අභියෝග සාකච්ජාකිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම කතිකාව කැළණි කේබල්ස් සමාගම සංවිධානය කළේ පස්වන වරටවන අතර ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දැනුම වර්ධනය වෙනුවෙන් මෙවැන්නක් සංවිධානය කරන එකම විදුලි රැහන් හා උපාංග නිෂ්පාදන සමාගම වන්නේද කැළණි කේබල්ස් සමාගම වේ.

    මෙරට ප‍්‍රමුඛතම ඉංජිනේරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් හා සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරීන්, කළමනාකාර අධ්‍යක්ෂකවරුන් හා සාමාන්‍යාධිකාරීන් ඇතුළුව 250ක ට අධික පිරිසක් සහභාගී වූ මෙම ‘Kelani Knowledge Forum 2016‘ සාකච්ජා මණ්ඩපයේ මෙවර උදාහරණ සමගින් සාකච්ජාවට ගැනුණේ ව්‍යාපාර හා පෞද්ගලිකත්වය සම්බන්ධයෙනි.

    වාර්ෂිකව කැළණි කේබල්ස් PLC සමාගම සංවිධානය කරන මෙම අගනා ‘Kelani Knowledge Forum 2016‘ සාකච්ජා මණ්ඩපය පිළිබඳව අදහස් දැක් වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී" මහින්ද සරණපාල මහතා පැවසුවේ, “මෙරට ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම තෝරාගැනීම මෙන්ම ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් සමාගම එම ක්ෂේත‍්‍රවල ට සම්බන්ධ ඉංජිනේරුවන් හා සමාගම් ප‍්‍රධානීන් සමඟ නවතම දැනුම බෙදාහදාගැනීම අප සළකන්නේ සමාගම් වගකීමක් ලෙසින්. ආයතනික සමාජ මෙහෙවරක් ලෙසින් සෑම වසරකම අප සංවිධානය කරන මෙම විද්වත් කථිකාවේ ප‍්‍රධාන දේශනයට බොහෝ විට ඇරයුම් කරන්නේ විදුලි ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් විද්වතෙකුටයි. නමුත් එම සම්ප‍්‍රදාය මඳක් වෙනස් කරමින් මෙවර මෙරට ප‍්‍රවීණ කළමනාකරණ උපදේශකයෙකුට ඇරයුම් කළේ වර්තමානයේ බොහෝ වැදගත් කාරණයක්වන පෞද්ගලිකත්වය හා ව්‍යාපාර වර්ධනය පිළිබඳ වැටහීමක් ලබාදීමේ අරමුණෙන්. එය වර්තමාන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට බොහෝ වැදගත්වූවක්.“ යන්නය.

    ජායාරූප විස්තරය - කැළණි කේබල්ස් PLC සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල මහතා විසින් දේශක දීපාල් සූරියආරච්චි මහතාට තිලිණයක් ප‍්‍රදානය කළ අවස්ථාව


    කළමනාකරණ උපදේශකයෙකු, ප‍්‍රවීණ ලේඛකයෙකු හා දේශකයෙකුවන දීපාල් සූරියආරච්චි මහතා විසින් ආරාධිත දේශනය පැවැත්වූ අවස්ථාව.


    ‘Kelani Knowledge Forum 2016‘ සාකච්ජා මණ්ඩපයට සහභාගීවූවන්ගෙන් පිරිසක්


    පිළිගැනීමේ කතාව කළ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි කළමනාකරු (අපනයන) දේවින්ද ලොරෙන්සුහේවා මහතා