අයවැය දා කොටස් වෙළෙඳපොළෙනුත් වාර්තාවක්

    February, 17, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම ස්ථානය යළිත් වරක් අලුත් කිරීමට අද දිනයේ දී සමත්වුණි.

    ඒ අනුව කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දින ඒකක 219.36කින් ඉහළ ගොස් ඒකක 17,156.05ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන ඒකක 17,122.73 සීමාව අභිබවා යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 71.19කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 5,106.40 ක් ලෙසිනි.

    සෙලින්කෝ හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, NDB, සම්පත් බැංකුව හා හේලීස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට අද දින සමත් වී ඇත.

    රු. බිලියන 5.40 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව රජයේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය කතාව යන අතරවාරයේ දී මෙලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම විශේෂත්වයකි.

    Video Story

    Stock Market

    Exchange Rates