February, 20, 2025
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර ඇත.
එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවාගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story