February, 24, 2025
2025 පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී 175,436ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා 2025 වසර තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 428,197ක් බවයි.
පෙබරවාරි මාසයේ ගත වූ සෑම දිනයක් තුළම 7,500 ඉක්ම වූ සංචාරක පැමිණීමක් වාර්තා වන අතර පෙබරවාරි 13 වනදා 10,497ක වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී තිබේ.
2025 පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 25,293ක්, රුසියාවෙන් 22,280ක්, එක්සත් රාජධානියෙන් 18,785ක්, ජර්මනියෙන් 12,393ක් සහ ප්‍රංශයෙන් 11,187ක් ලෙස වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ තිබේ.



Video Story