February, 25, 2025
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසු ජනතාවගේ බැංකු ගිණුම් වාර්තා වෙනත් පාර්ශව හට පරීශීලනය කිරීමට හැකියාවක් ලැබේ යැයි ජනතාව තුළ බියක් ඇති කර නොගත යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි.
ඊයේ (24) "දෙරණ 360" වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව පැහැදිලි කළේය.
ඔහු එහි දී වැඩි දුරටත් මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිළි කරමින් පවසා සිටියේ මෙරට තුළ දත්ත ආරක්ෂාව පිළීබඳව පවතින පනත තුළ ඇති කොන්දේසීන්ට අනුව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත වෙනත් පාර්ෂවයකට නිකරුනේ පරිහරනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
"ලංකාවේ අද තියනවා දත්ත ආරක්ෂාව පිළිබඳව පෞද්ගලිකත්වය පිළිබඳව පනතක්. ඒ පනත ක්‍රියාත්මක වුනාම ඒ පනත හරහා යම්කිසි පරිපාලනයට එන conditions තියනවා. එහෙම දත්ත නිකරුණේ පරිහරණය කරන්න බැහැ. රජයට හෝ කාටවත්. රජය පැත්තෙනුත් මේ ගැන විනයක් ඇති වෙන්න ඕන. මම කලිනුත් කිව්වේ පුරවැසියා පැත්තෙන් ආයතනය පැත්තෙන් අද අවධානය ටික ටික යොමු වීගෙන එනවා. ඒක දැන් ලොකු දෙයක්. රජය පැත්තෙනුත් මේ ගැන විනිවිදභාවය ඇති වෙන්න ඕන. ඒක රජය වගකීමෙන් ඉදිරියට ගෙන යනවා. නැත්තන් මේ වගේ නීතිරීති දාන්නෙත් නැහැනෙ. ඩිජිටල් ආර්ථිකය block නැතුව හොද ග්‍රීස් කරපු රෝදයක් යන විදිහට යන්න නම් විශ්වාසය තහවුරු වෙන්න වෙනවා. නමුත් පුද්ගලයෙක් හෝ ආයතනයක් නීතියෙන් පිට වැඩ කරන්න කැමැත්තක් තියනවා නම් ඒගොල්ලෝ මේකට බය වෙයි. කැමති වෙන එකක් නැහැ. ඒ ගැන මම හිතන්නේ අපි කාටවත් වගකීමක් නැහැ. ඒගොල්ලන්වත් බලාගන්න එක. ඒත් සාධාරණ යම්කිසි චකිතයක් තියනවනම් අපි ඒවා දුරු කරන්න ඕන. ඒකට අනිවාර්යෙන්ම පද්ධති හදන කට්ටියයි, මේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියයි, නියාමනය කරන ආයතනයි, digital trust එක නැත්තන් විශ්වාසය අපේ පුරවැසියන් අතර ප්‍රචලිත කරන්න ඒගොල්ලන්ගේ වගකීමක් තියනවා. ඒක අනිවාර්යයි."
Video Story