ශ්‍රී ලාංකේය ඩිජිටල්කරණය සහ ක්ලවුඩ් සේවාව ව්‍යාප්ත කිරීම සඳහා VMware සහය

    June, 28, 2016

    ක්ලවුඩ් සහ ව්‍යාපාරික සංචලතාවට අදාළ පහසුකම් සපයන ගෝලීය සමාගමක් වන VMware සමාගම, අග්නිදිග ආසියානු කලාපයේ ඩිජිටල් පරිණාමය සඳහා තමන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් සිය අසමසම ක්ලවුඩ් සේවාවන් පසුගියදා ප්‍රදර්ශනය කළේය. Accelerating Your Digital Enterprise by IDC and VMware ලෙස නම් කර තිබූ බාලි හි පැවති ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවේදී (CIO) VMware සමාගම ක්ලවුඩ් සේවාවේ අනාගතය, සයිබර් ආරක්ෂාව සහ ව්‍යාපාරික සංචලතාව ආදී ක්ෂේත්‍රවලට අදාළ සිය සේවාවන් එලෙස ප්‍රදර්ශනය කළේය.

    "ශ්‍රී ලංකාව වේගවත් සමාජ-ආර්ථික පරිණාමයකට යොමු වී සිටින රටක් බැවින්, එම වෙළඳපල තුළ ක්ලවුඩ් සහ ජංගම තාක්ෂණ ක්‍රමවේද මගින් ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි. ව්‍යාපාරවල වර්ධනයත් සමග, ඊට අවශ්‍ය සරළ, වේගවත් සහ සාධාරණ මිලකට මිලදී ගත හැකි තාක්ෂණික සේවාවන් ලබා දීම වෙනුවෙන් VMware සමාගම අඛණ්ඩව කැප වන බව "VMware Southeast Asia" සමාගමේ ආරම්භක වෙළඳපල අංශයේ සාමාන්‍යාධිකාරී ආද්‍රියන් හියා මහතා සඳහන් කළේය.

    දකුණු ආසියානු කළාපය තුළ ජනගහණයෙන් අඩකට අධික ප්‍රමාණයක් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන බැවින් එම කළාපය දුරකථන භාවිතය සම්බන්ධයෙන් අතිශය වැදගත් වෙළඳපලක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. කාර්යමණ්ඩලයේ සාමාජිකයන්, තාක්ෂණික උපාංග, යෙදවුම් සහ දත්ත රැකියා ස්ථානයේ භෞතික පරිසරය අභිබවා යමින් ධනාත්මක බලපෑමක් සිදු කර ඇත. එකිනෙකට සම්බන්ධතාවක් නොදක්වන තාක්ෂණය සහ කණ්ඩායම් හේතුවෙන් ඩිජිටල් ව්‍යවසායන් තුළ ඒකාබද්ධ රැකියා පරිසරයක් ස්ථාපනය කිරීමට නොහැකි වී ඇත. තොරතුරු සංචිතය, ස්ථානය, උපාංගය හෝ යෙදවුම යන කරුණුවල බලපෑමෙන් තොරව තීරණාත්මක තොරතුරු වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ව්‍යාපාර සඳහා හිමිකර දෙමින් අනන්‍යතා කළමනාකරණය, උපාංග කළමනාකරණය සහ යෙදවුම් යොමු කිරීම සඳහා VMware සමාගම සංකලිත වේදිකාවක් හඳුන්වා දී ඇත.

    VMware AirWatch සහ VMware Horizon ආදී ජංගම විසඳුම් මගින් ඕනෑම යෙදවුමක් ඕනෑම උපාංගයක් හෝ මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ භාවිතා කිරීමේ පහසුව සලසා දෙයි.

    මැලේසියාවේ අධ්‍යාපන අමාත්‍යංශය වැනි ඉදිරි දැක්මක් සහිත සංවිධාන ඩිජිටල් උපාංග එක් වේදිකාවක් මතට ගෙන ඒම සඳහා VMware තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගෙන ඇත. VMware Horizon® View™ ක්‍රමවේදය ක්‍රියාවට නංවමින් එම අමාත්‍යංශය ග්‍රාමීය පාසල් 10,000 ක සිසුන් 300,000 ට අධික සංඛ්‍යාවක් සඳහා අධ්‍යාපන මූලාශ්‍ර අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමට සමත් විය.

    දිනෙන් දින අභියෝගයට ලක්වන ව්‍යාපාරික දත්ත සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා VMware සමාගම භෞතික යටිතලපහසුකම් සහ යෙදවුම් අතර සාර්වත්‍රික ස්තරයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ලොවට හෙළි කළේය. මෙමගින් තොරතුරු තාක්ෂණය තොරතුරු ආරක්ෂණ පාලක ක්‍රමවේදවලට අනුගත කිරීමටත්, සමාගමේ වඩාත් වැදගත් ඩිජිටල් වත්කම් ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පහසුකම් සලසා දෙයි.

    "ඉදිරි දැක්මක් සහිත සමාගම් සහ සංවිධාන සම්ප්‍රදායික ආරක්ෂණ ක්‍රමවේද වත්මන් අභියෝගයන්ට මුහුණ දීමට අසමත්වන බව හඳුනා ගෙන තිබෙනවා. සාර්වත්‍රික තොරතුරු තාක්ෂණික සැලැස්මක් නොමැති වීමෙන් ව්‍යාපාරවල පුද්ගලයන් සහ පද්ධති මගහැර යාමේ හැකියාව පවතින බව ද ඔවුන් මැනවින් අවබෝධ කර ගෙන සිටිනවා. ව්‍යාපාරයට සම්බන්ධ ඕනෑම උපාංගයක, ඕනෑම ස්ථානයක තොරතුරු තාක්ෂණ අංශයේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි මෘදුකාංගමය පද්ධතියක් මගින්, ඩිජිටල්කරණය වෙත ළඟා වීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය නම්‍යශීලි බව හිමිකර දිය හැකියි." VMware සමාගමේ දකුණු ආසියානු සහ කොරියා සභාපති රොන් ගෝ මහතා ප්‍රකාශ කළේය.