2025 ජනවාරියේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 400ක ආදායමක්

    March, 3, 2025

    2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

    මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි.

    මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 232,341 ක් බවත් ඒ අනුව 2025 වසරේ පෙබරවාරි 27 දින දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 485,102 ක් බවත්ය.

    2024 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 362.1 ක ඉපැයීමක් සංචාරක කර්මාන්තය හරහා වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වර්ෂය තුළ දී වාර්තා වූ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,168.7 කි. මෙය 2023 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,068.0ට වඩා 53.2% ක ඉහළ යාමක් වේ.