September, 4, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවන් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු කරයි. මීට අමතරව, පාරිභෝගිකයින් වෙත පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු අය නොකෙරෙන HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද හිමිවේ. එමෙන්ම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් මඟින් ආකර්ෂණීය වාහන රක්ෂණ වාරික වට්ටම් ද පිරිනමන අතර, එමඟින් පාරිභෝගිකයාට උපරිම පහසුවක් මෙන්ම දිගුකාලීන වටිනාකමක් ගෙන දෙන පූර්ණ මූල්‍ය විසඳුමක් සලසා දී ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය තීරණය වන්නේ ව්‍යාපාර සඳහා දිගුකාලීන වටිනාකමක් ගෙන දෙන අර්ථවත් සහයෝගීතාවයන් මත පදනම්ව බව HNB අප විශ්වාස කරනවා. Senok Commercial සමඟ අප ඇති කරගත් මෙම සබඳතාවය, ව්‍යාපාරිකයින්ට නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීමට බැංකුවේ කැපවීම මනාව පෙන්නුම් කරනවා. එමඟින් ව්‍යාපාරිකයින්ට පූර්ණ විශ්වාසයකින් යුතුව ආයෝජනය කිරීමටත්, තමන්ගේ ව්‍යාපාරික වර්ධනය වේගවත් කරමින් වෙළෙඳපොළ තුළ වඩාත් ශක්තිමත් වීමටත් අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.
මෙම මූල්‍ය පැකේජයට අමතරව, Senok Commercial Vehicles සමාගම මඟින් තෝරාගත් සෑම Eicher වාහනයක් සඳහාම රුපියල් 50,000ක විශේෂී වට්ටමක් ලබා දෙයි. එමෙන්ම නොමිලේ වාහන ලියාපදිංචිය සහ නොමිලේ නඩත්තු සේවා වාර 3ක් ද පාරිභෝගිකයන් වෙත හිමිවේ. මෙම දීමනා මඟින් පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් හිමි වන අතර, එය Eicher සන්නාමය ශ්‍රී ලංකාව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට සහාය වනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Senok Commercial Vehicles හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ රන්ජන් දහනායක මහතා මෙසේ පැවසීය. “HNB සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, ආකර්ෂණීය මූල්‍ය පැකේජයක් හරහා Eicher සන්නාමයේ ශක්තිමත්භාවය සහ විශ්වසනීයත්වය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන කදිම අවස්ථාවක්. උසස් තත්ත්වයේ වාණිජ වාහන හිමිකර ගැනීම වඩාත් පහසු කරවන මෙම වැඩපිළිවෙළ, බොහෝ ක්ෂේත්‍රවල ව්‍යාපාරවලට විශාල ශක්තියක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. එමෙන්ම, වාහනය මිලදී ගත් දින සිටම පාරිභෝගිකයාට ඉහළම වටිනාකමක් ලබා දීමටත් මෙමඟින් හැකියාව ලැබෙනවා.”
Video Story