March, 7, 2025
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයෙහි දැක්වෙන්නේ, විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්හි කොටස්වල ඔබගේ මුදල් ආයෝජනය කර, ඉහළ සහ ස්ථිර ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දුවක්ද සමඟ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයින්ගෙන් ලැබෙන, දුරකථන ඇමතුම් සංඛ්‍යාව ඉහළයමින් පැවතීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසන්නේ වෙනත් රටවලදී ක්‍රියාත්මක වීමට හෝ විදේශීය රටවල කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට කිසිවෙකු හට බලපත්‍ර ලබාදීමක් හෝ නියාමනය කිරීමක් තමන් විසින් සිදු නොකරන බවයි.
තව ද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති කොටස් තැරැව්කාර සමාගම් ලයිස්තුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.sec.gov.lk හෝ කොළඹකොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවිය වන www.cse.lk, හරහා ලබා ගත හැකි බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

Video Story