මහ බැංකු අධිපතිවරයාගේ රුව යොදාගනිමින් නිර්මාණය කළ AI විඩීයෝ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

    March, 7, 2025

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

    එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාල වංචනිකයන් සැලසුම් කිරීම මෙවැනි වීඩියෝ මුදාහැරීමේ අරමුණ වේ.

    මෙම වීඩියෝ AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් භාවිතා කරමින් මහජනතාව නොමඟ යැවීමට වංචනික පාර්ශවයන් විසින් සිදු කරන අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි.