March, 8, 2025
Qualcomm’s Snapdragon Processors වලින් බල ගැන් වුණු NOTHING Phone (3a) සහ (3a) Pro යන නවතම දුරකථන මාදිලි පසුගිය මාර්තු 4 වන දින බාසිලෝනා හි පැවති ලෝක දුරකථන සමුළුවේදී එළි දක්වා ඇත. NOTHING සමාගමේ නිර්මාතෘ සහ ප්රධාන විධායක නිළධාරී Carl Pei විසින් මෙම දුරකථන මාදිළි යුගලය නවතම පහසුකම් ගණනාවක් සමඟ එහිදී හඳුන්වා දී ඇත.
දැන් ශ්රීලංකාවේ ඔබටත් අද සිට නවතම NOTHING Phone (3a) සහ (3a) Pro යන දුරකථන මාදිළි පෙර ඇණවුම් කිරීමේ හැකියාව ඇත.
මෙරට ජංගම දුරකථන බෙදා හැරීමේ ප්රමුඛ ආයතනයක් වන Pulse Lanka Holdings (Pvt) Ltd ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන Doctor Mobile ආයතනය මෙහි ජාතික සැපයුම්කරුවා (National Distributor) ලෙස ක්රියා කරයි.
ඔබ විසින් පෙර ඇණවුම් කරන NOTHING (3a) ස්මාර්ට් ජංගම දුරකථනය මෙම මස 20 වන දින සිටත්, NOTHING (3a) Pro ස්මාර්ට් ජංගම දුරකථනය මෙම මස 28 වන දින සිටත් ලබා ගැනීමට හැකියාව ඇති බව Doctor Mobile ආයතනය පවසයි.
මෙම සියළු දුරකථන මාස 12ක වගකීම් කාලයක් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ TRCSL සහතිකය සහිතව ලබාගත හැකි අතර, අදාළ වගකීම් කාලය තුල දුරකථනයේ තාක්ෂණික දෝෂ සඳහා දුරකථනයට දුරකථනයක් ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයකි.
NOTHING Phone (3a) 8/128GB මාදිළිය සමඟ නොමිලේ CMF Buds Pro 2 එකක් සහ NOTHING Phone (3a) 12/256 GB සමඟ නොමිලේ NOTHING Ear (a) එකක් ද, NOTHING Phone (3a) Pro මාදිලිය සමඟ NOTHING (Open) එකක්ද නොමිලේ ලබා ගැනීමට පෙර ඇණවුම් කරන ඔබට හැකියාව ලැබෙනු ඇත.
ඉතින් NOTHING Phone (3a) සහ (3a) Pro දුරකථන මාදිලි, දිවයින පුරා පිහිටි තෝරාගත් ස්ථාන කිහිපයකදීම මිලදී ගැනීමේ හැකියාව ඔබට සලසා දී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විස්තර nothingphone.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර www.facebook.com/NothingSriLanka සහ https://www.youtube.com/@NothingSriLanka ඔස්සේද ලබාගැනීමට හැකියාව ඇත.



Video Story