March, 10, 2025
2025 වසරේ පෙබරවාරි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 548.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
සතිපතා ආර්ථික දර්ශක වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව 2025 පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121.1 ක් හෙවත් ඩොලර් බිලියන 1.12 ක් බවයි. මෙය 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 963.7 හා සැසඳීමේ දී 16.3% ක වර්ධනයකි.
2024 සමස්ත වර්ෂය තුළ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6.57 ක් ලෙසින් වාර්තා විය.
Video Story