March, 11, 2025
යතුරුපැදියට පූර්ණ රක්ෂණාවරණයක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක්
පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වසර 15ක් පුරා ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නිරතවන රක්ෂණ සමාගමකි. මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස නොමද ජනතා විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය, මෝටර් රථ රක්ෂණය ඇතුලු සියලුම සාමාන්‍ය රක්ෂණ විසඳුම් ලබාදීම ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය සවිබල ගැන්වීමට ඇපකැප වී සිටී.
පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් කාලෝචිත වූ, සුවිශේෂී රක්ෂණාවරණ විසඳුම් ඉදිරිපත් කිරීම පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සතු විශේෂත්වයකි. එහි නවතම පියවර ලෙසින් යතුරුපැදි හිමි කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට ආයතනය විසින් කටයුතු යොදා ඇත.
රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන්ගේ කැපවීම අතිමහත් වන අතරම ගෘහණියක් ලෙසින්, මවක් ලෙසින්, දියණියක් ලෙසින්, සොයුරියක් ලෙසින් සමාජය බලගන්වමින්, සමස්ත කාන්තා පරපුර ඉටුකරන මෙහෙවර අමිල වේ. එනිසාම, පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස දිරිය දැයට විරිය වන කාන්තාවන් වෙනුවෙන්ම මෙම රක්ෂණාවරණය හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම රක්ෂණාවරණය මඟින් යතුරුපැදියට පූර්ණ රක්ෂණාවරණයක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක් රක්ෂිතයාට හිමි වේ.
බොහෝ කාන්තාවන් තම දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට යතුරුපැදිය යොදාගන්නා නිසාම අවුරුදු 16 ට අඩු දරුවන්ට මෙම රක්ෂණාවරණය ඔස්සේ පුද්ගල අහඹු අනතුරු ආවරණයක් ලබාදීමට ආයතනය කටයුතු කර ඇත. බරපතල රෝග ආවරණයක්, හදිසි අනතුරු රෝහල් ගාස්තු ආවරණයක් හා හදිසි රිය අනතුරක දී ප්ලාස්ටික් සැත්කම් සඳහා ආවරණයක් ද මෙමඟින් රක්ෂිතයාට හිමි වේ. එදිනෙදා කාර්යබහුල ජීවන රටාවක යෙදී සිටින කාන්තාවකට යම් හදිසි රිය අනතුරක් වුවහොත්, කඩිනමින් එම රක්ෂණ අවශ්‍යතා සපුරාලීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ සුවිශේෂ Call & Go සේවාව ද මෙම රක්ෂණාවරණයෙහි ඇතුළත් ය.
මෙම පහසුකම ඔස්සේ රිය අනතුරක් සිදු වූ අවස්ථාවක පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය අමතා, රිය අනතුර පිළිබඳව තොරතුරු ලබා දී, යතුරුපැදිය ධාවනය කළ හැකි තත්ත්වයේ පවතී නම්, තමාගේ ගමන නොපමාව යෑමට පාරිභෝගිකයාට හැකිවේ. එපමණක් නොව, රිය අනතුරක දී විකල්ප ප්‍රවාහන ගාස්තු මෙන්ම රිය අනතුරකින් රක්ෂිතයාට සිදුවන ජීවිත හානියක දී ලීසිං වාරික ගෙවීම සඳහා ද ආවරණයක් මෙම රක්ෂණයෙන් පිරිනමනු ලැබේ. මෙවර කාන්තා දිනය අන් කවරදාටත් වඩා අරුත් ගන්වමින් දේශයේ වනිතා පරපුරට සුරක්ෂිත රක්ෂණයක රැකවරණය උදාකර දීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය මෙසේ කටයුතු යොදා තිබේ.
අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 206 306 අංකය ඇමතීමෙන් හෝ facebook, instagram සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම රක්ෂණාවරණය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.
Video Story