March, 18, 2025
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.
විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන අංශයෙහි නියුතු බොහෝ සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, ඉහළ යන ඉල්ලුමට මුහුණදීමට සරිලන පරිදි සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේය. මේ අතර, සැපයුම් කරුවන් වඩාත් කාර්යබහුල වීම පිළිබිඹු කරමින් පෙබරවාරි මාසය තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් ඉහළ ගියේය.
Video Story