සංචාරකයෝ හයලක්ෂයක් දිවයිනට

    March, 18, 2025

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

    එහිදී නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ 2025 මාර්තු මාසයේ පළමු දින 16 තුළ 120,750 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

    මෙම කාලපරිච්ඡේදය තුළ ඉන්දියාවෙන් 19,371ක්, රුසියාවෙන් 16,562ක්, ජර්මනියෙන් 10,982 ක් හා එක්සත් රාජධානියෙන් 10,866 ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි මූලාශ්‍ර ලෙස දැක්විය හැකිය.

    ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 613,728 ක් බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.