අඛණ්ඩව දෙවන වරටත් Huawei විශිෂ්ටත ම අලෙවි නියෝජිතයා iDealz සමාගමේ අහමඩ් රිස්වි රිෆ්ඛාන්

    July, 1, 2016

    iDealz Lanka සමාගමේ අහමඩ් රිස්වි රිෆ්ඛාන් මහතා අඛණ්ඩව දෙවන වරටත් Huawei වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේ දී විශිෂ්ටත ම අලෙවි නියෝජිතයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය. "Huawei Achiever's Night 2016" ලෙස නම් කර තිබූ සම්මාන රාත්‍රිය පසුගියදා වෝටර්ස් එජ් හිදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ කැපවීම ඇගයුමට ලක් කරමින් Huawei Sri Lanka සමාගම වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරයි.

    "එකම ඉලක්කයක්-එකම පවුලක්" යන සංකල්පය පෙරදැරිව දිවයිනේ නන් දෙස විසිරී සිටින අලෙවි නියෝජිතයෝ 600 කට අධික පිරිසක් උළෙල සඳහා සහභාගී වූහ. Huawei Sri Lanka සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය උළෙලේ ප්‍රධාන ආරාධිතයෝ වූහ. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා iDealz සමාගමේ රිෆ්ඛාන් හට සම්මානය පිරි නැමුවේය. Huawei Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශුනිල් වැංග්, Huawei Devices Sri Lanka සමාගමේ මෙරට ප්‍රධානී හෙන්රි ලියු සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ද උළෙල සඳහා සහභාගී වූහ.

    සම්මාන රාත්‍රිය අමතමින් ලියු මහතා සඳහන් කළේ Huawei ජංගම දුරකථන මෙරට සන්නාම අතර දෙවන ස්ථානයේ රැඳෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී Huawei සන්නාමය 23% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවය.

    එම සාර්ථකත්වයට උර දුන් Huawei අලෙවි නියෝජිත ජාලය ඇගයුමට ලක් කරමින් Huawei Sri Lanka සමාගම විශිෂ්ටත ම අලෙවි නියෝජිතයන් දස දෙනා හට සම්මාන ප්‍රදානය කළේය. 2015/16 වර්ෂය තුළ විකුණුම් අංශයෙන් පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් iDealz සමාගමේ රිෆ්ඛාන් "වසරේ අංක එකේ අලෙවි සහකරු" ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, 65" Curved LED රූපවාහිනී යන්ත්‍රයක් සහ අගනා මුදල් ත්‍යාගයක් ද ඔහුට හිමි විය.

    "මේ වසරේදීත් අපගේ කැපවීම මෙලෙසින් ඇගයුමට ලක් වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අප නිබඳව කැප වන්නේ අපගේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට ගෙන යාමටයි. Huawei සමාගම මෙරට තුළ අත්කර ගත් අසමසම සාර්ථකත්වය වෙනුවෙන් iDealz සමාගමට දායක වීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා." රිෆ්ඛාන් මහතා සඳහන් කළේය.

    සිය සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් රිෆ්ඛාන් මහතා ප්‍රකාශ කළේ තමන්ගේ මූලික අලෙවි උපාංගය අන්තර්ජාල අලෙවිකරණය බවය. "https://www.facebook.com/iDealz.Lanka/ අපගේ ෆේස්බුක් පිටුව ජනතාව අතර ඉතා ජනප්‍රියයි. 150,000 කට අධික පිරිසක් එහි ඇතුළත්වන අතර අපගේ එක් දැන්වීමක් සඳහා අවම වශයෙන් ලයික් 50,000 කට අධික ප්‍රමාණයක් හිමි වනවා. මේ වසරේදී අපගේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑවේ අන්තර්ජාල අලෙවිකරණයයි."

    "අපගේ පාරිභෝගිකයන් හට තවදුරටත් අලෙවි මධ්‍යස්ථානයට පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ. අපගේ ෆේස්බුක් පිටුව හරහා තමන්ගේ ඇනවුම සිදු කිරීමට ඔවුන්ට අප අවස්ථාව සලසා දී තිබෙනවා. කොළඹ අවට ඇනවුම් අප දිනක් තුළ බාර දීමට කටයුතු කරන අතර කොළඹින් පිටත පාරිභෝගිකයන්ට ද පැය 24-48 අතර කාලයක් තුළ ඇනවුම් බාර දීමේ හැකියාව අප සතුයි. සිය අවශ්‍යතාවන් සපුරාගත හැකි සමාගමක් ලෙස සහ අවම වෙහෙසකින් යුතුව සිය මිලදී ගැනීම් සිදුකර ගත හැකි සමාගමක් ලෙස ද අප පාරිභෝගිකයන්ගේ විශ්වාසය හිමිකරගෙන සිටිනවා." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පවතින අධික තරගකාරීත්වයට මුහුණ දෙන අතරතුර, පාරිභෝගිකයා උපරිම වශයෙන් තෘප්තිමත් කිරීම වෙනුවෙන් iDealz සමාගම නිබඳ කැප වෙයි.