ජාතික වශයෙන් ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යාපනය නැංවීමට සිංගර් දිරි බලය

    July, 1, 2016

    ජනතා විශ්වාසය දිනූ ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා, අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මෙරට ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යාපනය නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහනේ අති සාර්ථක දෙවන අදියරට ළඟා වෙයි.

    නිරෝගී ජීවන රටාවක් සහ පවුලේ සතුට සඳහා අතවශ්‍ය වන පෝෂණීය ආහාර වේලක් සැකසීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පාසැල් විෂය ධාරාවට එක් කර ඇති ගෘහ ආර්ථික විද්‍යා විෂයෙහි ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා වසර 2015 දී “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහන ඇරඹිණ. මෙම වැඩසටහන යටතේ අවම කාලයක් තුළදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගැනීම සඳහා නවීන මුළුතැන්ගෙයි උපකරණ භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වනු ලබයි. තව ද එමඟින් සාම්ප්‍රදායික වටිනාකම සහ රසය ආරක්ෂා කරගනිමින් ආහාර සකස් කිරීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙයි. මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ දෙවන අදියර යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවශ්‍යතා සහිත පාසැල් 150 ක් තෝරාගෙන එම පාසැල් වෙත අවශ්‍ය උපකරණ පිරිනැමීම සිදු කෙරිණ. මේ අනුව මේ වනවිට දිවයිනේ පාසැල් 300 ක ගෘහ විද්‍යා අංශ වෙත මුළු තැන්ගෙයි උපකරණ පිරිනැමීමට සිංගර් ආයතනය සමත්වී තිබේ. මෙලෙස පිරිනැමෙන උපකරණ කට්ටලය අතර රයිස් කුකරයක්, ගෑස් කුකරයක්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩරයක්, සහ විදුලි උදුනක් ආදී වශයෙන් රුපියල් 35000/- ක වටිනාකමකින් යුත් උපකරණ අඩංගු වෙයි. පසුගිය වසරේ “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහනෙන් මෙම උපකරණ ලබාගත් පාසැල්වල සිසු සිසුවියන් අති සාර්ථකව සිංගර් ගෘහ භාණ්ඩ මඟින් සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ඇත.

    මීට අමතරව ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරු මහත්මීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන්ද සිංගර් මඟින් මෙහෙයවන අතර එහිදී ගුරු මහත්මීන් 1300 කට අධික පිරිසක් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා තිබේ. නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය, කාලය පිරිමසා ගැනීම, පෝෂණීය තත්වය ආරක්ෂා වන පරිදි ආහාර සැකසීම, ආදී විෂයානුගත කරුනු පිළිබඳව මෙහිදී ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මීන් දැනුවත් කිරීම සිදු කර තිබේ. එමෙන්ම නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය පිළිබඳව සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික පුහුණවක් ලබාදීම ද දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සැල් වලදී සිදුකෙරිණ.

    2015 වසරේ “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහනේ පළමු අදියර අති සාර්ථක වී ඇති අතර අපොස උසස් පෙළ විභාගයේදී උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට දරුදැරියන් විශාල පිරිසක් සමත්වී තිබේ. එමෙන්ම එම විභාගයේදී ඉහළම ලකුණු මට්ටම දක්වා යෑමේ දක්ෂතා දැක්වීමට ද මෙම “සිංගර් සූප ශාස්ත්‍ර “ වැඩසටහන ක්‍රියාත්මක කළ පාසැල්වල සිසු සිසුවියන් සමත්වී තිබේ.

    “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ ප්‍රධාන විධායක අසෝක පීරිස් මහතා සඳහන් කලේ ජීවන කුසලතාව සහ දැනුම පිළිබඳව සිසු දරු දැරියන් දැනුවත් කිරීම මඟින් වඩාත් සවිමත්ව දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය තිරසාර පදනමක් සැපයෙන බවයි. මෙම වැඩසටහන යටතේ නවීන ගෘහ විදුලි උපකරණ භාවිතය පිළිබඳ සිසු සිසුවියන් වෙත අවබෝධයක් ලබාදෙන බවත්, එමඟින් පවුල් ඒකක වෙත පෝෂණීය ආහාර සකස් කිරීමේ නිසි ක්‍රමවේදය පිළිබඳ පණිවිඩය ගමන් කරනු ඇති බවත් හෙතෙම පැවසීය. මෙරට අංක එකේ සිංගර් මුළුතැන්ගෙයි විදුලි උපකරණ මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, එහිදී ලබාදෙන විශේෂඥ දැනුම මඟින් මෙම සිසු සිසුවියන් වෙත නව රැකියා අවස්ථා පවා හිමිකරගත හැකි බව අසෝක පීරිස් මහතා පෙන්වා දෙයි.

    මෙම වැඩසටහනෙහි වැදගත්කම පැහැදිලි කර දුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යක්ෂ සුනේත්‍රා වික්‍රමසිංහ මෙනවිය ප්‍රකාශ කළේ, “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහන ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරු භවතුන්ටද අත්වැලක් බවයි.මෙමඟින් ගුරුවර ගුරුවරියන්ටද නවීන මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ සිය දැනුම පුළුල් කර ගැනීමට සහ එම දැනුම සිසු සිසුවියන් වෙත බෙදාදීමට අවස්ථාව උදාවන බව ඇය සඳහන් කළාය. සිංගර් වෙතින් ලෝ ප්‍රකට ‍ වෙළඳ නාම වලින් යුත් මුළුතැන්ගෙයි උපකරණ රැසක් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර මේ නිසා වඩාත් අළුත් දැනුම සිය විෂයානුබද්ධ අධ්‍යයනයන්ට එක් කර ගැනීමට හැකිවන බව ද ඇය පෙන්වා දුන්නාය.

    සිංගර් මුළුතැන්ගෙයි උපකරණ දිවයින පුරා පිහිටි 420 කට අධික සිංගර් ප්‍රදර්ශණාගාර වලින් මිලදී ගත හැකි අතර ඊට සමගාමීව අලෙවි සේවා ජාලයක්ද ක්‍රියාත්මක වෙයි. අවස්ථාවෙන් අවස්ථාව ශ්‍රී ලාංකිකයාගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් සිංගර් සමාගම කටයුතු කරන අතර, මේ නිසාම අඛණ්ඩව වසර 10 ක් පුරා “වසරේ මහජන වෙළඳ නාමය“ යන සම්මානය සහ “හොඳම ආයතනික පුරවැසියා“ ලෙස හඳුනාගෙන ඇති ආයතන 10 අතරටද එක්ව සිටියි.

    ඡායාරූපය - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මුළුතැන්ගෙයි උපකරණ කට්ටල ගුරුවරුන් වෙත බෙදා දීම සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා ගේ සහභාගිත්වයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුකෙරුණු ආකාරය.