March, 26, 2025
ශ්‍රී ලංකාව තුළ සමතුලිත ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන් සැලසුම් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව බහු වත්කම් ව්‍යුත්පන්න හුවමාරුවක් (Multi asset class derivative exchange) ඉතාමත් ඉක්මනින් මෙරට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි.
Multi asset class derivative exchange කොටස් වෙළඳපොළට බොහෝ සෙයින් සමාන වෙළඳ භාණ්ඩ (commodities) ලැයිස්තුගත කර ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකි.
හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසා සිටියේ මෙම ක්‍රමය අපේ රටේ පවතින වී, සහල් පිළිබඳ අරබුධය සම්බන්ධයෙන් ද ඉතා හොද විසදුමක් වන බවයි.
"ඒ වගේම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත්, කොළඹ කොටස් හුවමාරුවත් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ විවිධ ආයතනත් එකතු වෙලා අපි සූධානම් කරලා තියනවා මධ්‍යකාලීන ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ව්‍යාපෘති 12කින් යුත්ත. ඒ තුළින් සමතුලිත ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ සැලසුම් ඇතුලෙ තියන එක කාරණාවක් තමයි ඉතාම ඉක්මනින් රට තුළට multi asset class derivative exchange ලබා ගැනීම කියන එක. ඒක කොටස් වෙළෙඳපොළ වගේමයි විවිධ ආකාරයේ භාණ්ඩ හා සේවාවන්, භාණ්ඩ අපි කියනවා commodities කියලා. ලැයිස්තුගත කරලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. එවැනි ක්‍රමයක් පැවතුනොත් අපේ රටේ පවතින මේ වී, සහල් පිළිබඳ අරබුධය සම්බන්ධයෙන් ඉතා හොද විසදුමක් වෙනවා. ඉන්දියාව වැනි රටවල් ඉතාම පහසුවෙන් දැන් ඒ සම්බන්ධව කටයුතු කරන්න එවැනි ව්‍යුත්පන්න, derivatives වෙළෙඳපොළක් හරහා කටයුතු කිරීම තුළ. එතකොට ඒ සම්බන්ධයෙනුත් අපි විශාල වශයෙන් සාකච්ඡා කරා. වෙළෙන්ඳට සාධාරන මිලක් ලැබෙන ඒවගේම අන්ත් පැත්තෙන් ලෙගාවියා ආරක්ෂා වෙන ඒ වගේම භාණඩ හිඟයක් නොමැතිව කටයුතු කිරීමට කුමන ආකිරයේ වැඩ පිළීවෙලක් අවශ්‍යද යන්න පිළිබඳව හොද වැඩපිළිවෙළක් අමාත්‍යාංශය සතුව තියනවා. ඒ වැඩ පිළිවෙළ ව්‍යුත්පන්න වෙළෙඳපොළක් හරහා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරා."
තව ද මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක මහතා ද මෙසේ පවසා සිටියේය.
"රටේ දැනට පවතින මේ බෝග වර්ග වී වැනි බෝග වර්ග සඳහා ඇති වන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා රටවල් පාවිච්චි කරලා තියන විශේෂ ක්‍රියාමාර්ගයක් තමයි මේ commodities exchange එකක් නැත්නම් commodities වෙළෙඳපොළක් පවත්වාගෙන යෑම. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. ශ්‍රී ලංකාවේ දී එවැනි commodities කොටස් වෙළෙඳපොළක් කොහොමද ලංකාව තුළ ස්ථාපිත කරන්නේ කියන එක පිළිබඳවත් ඉතාමත් ඵලදායී අන්දමට සාකච්ඡා වුණා. මෙහි ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන් මා දකින්නේ වෙළෙඳ අමාත්‍යාංශයක්, සුරකුම්පත් සහ විනිමය කොමිසන් සභාවත් සම්බන්ධීකරණය කරගෙන වැඩපිළිවෙලක් පිළිබඳව ඉදිරියටත් කටයුතු කරන ආකාරය අපි අද නිරාකරණය කර ගත්තා."
Video Story