ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය 500ක් දක්වා ඉහළ දැමීමට සැලසුමක්

    March, 26, 2025

    කොළඹ කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය ඉදිරියේ දී 500ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුමක් සකස් කර ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ හා සම්බන්ධ ප්‍රමුඛතම ආයතන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE), සමාගම් රෙජිස්ට්‍රාර් මැදුර (ROC) සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව, සමතුලිත ප්‍රාග්ධන වෙළෙඳපොළක් උදෙසා නව වැඩපිළිවෙලක් සැලසුම් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්වුණු අතර එහිදී මෙම තීරණය ගත් බව සභාපති වරයා පවසා සිටියේය.

    තව ද ඔහු පවසා සිටියේ මෙම සැලසුම හරහා විශේෂයෙන්ම සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර සමාගම් මේ සඳහා යොදා ගැනීම තුළ එම කර්මාන්තවලට දැවැන්ත ආයෝජන මාර්ගයකට ප්‍රවේශ වීමේ හැකියාව හිමි වන බවයි.

    "කොටස් ‍වෙළෙඳපොළේ දැනට කවුරුත් දන්න පරිදි සමාගම් 284ක් පමණ තමයි ක්‍රියාත්මකව පවතින්නේ. නමුත් අපේ රටේ ලක්ෂ 2කට අධික සමාගම්, සමාගම් මැදුරේ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතින් මේකෙන් පෙනෙනවා කොටස් වෙළෙඳපොළට පැමිණිලා තියෙන්නේ ඉතාම සුළු 1%කටත් වඩා අඩු සමාගම් සංඛ්‍යාවක් එතකොට මේ සමාගම් ලියාපදිංචි වීම පමණක් මත ඒ අයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට බැංකු ක්‍රමයෙන් එහෙමත් නැත්නම් තමන්ගේ ඉතිරි කළ මුදලින් පවත්වාගෙන යන මේ සමාගම් වලට ආයෝජනය වැඩි පුර ප්‍රමාණයක් ගලාගෙන ඒම තුළ අපේ රට බලාපොරොත්තු වෙන්නා වූ ආර්ථික සංවර්ධන වේගය පවතින්නේ 5%ක මේක 8%ක 9%ක වර්ධන වේගයකට ජාතියක් වශයෙන් ගෙනයන්න වුවමනාව තියනවා. මේ කාරණාව සම්බන්ධයෙන් කළ හැකි වන්නේ විශේෂයෙන්ම සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර සමාගම් ඒ අය වර්ධනය වීම තුළ වෙන්නේ 55%කට ආසන්න වෙන සුළු පරිමාණ කර්මාන්ත දැවැන්ත ආයෝජන මාර්ගයකට ප්‍රවේශ වෙනවා. කොටස් වෙළඳපොළ, කොළඹ කොටස් හුවමාරුවත් සමඟ එකතු වුනොත්. ප්‍රාග්ධන වෙළඳපොළ සමඟ එකතු වුනොත්. ඒ විටනාකම ඇමතිතුමා දැකලා තියනවා. ඒ අනුව ඇමතිතුමා එකතුවුනා අපිත් එක්ක එකඟ වුනා සමාගම් අඩුමගානේ 500ක සීමාවකට යාම සඳහා උවමනා වන සැලසුම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා. එතුමගේ උදව් උපකාර සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත්, කොළඹ කොටස් වෙළඳපොළත් එකතුව කටයුතු කරන්නේ කොහොමද කියල කාරණාව පිළිබඳ."